තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…
Read MoreTag: ඩොලර් මිල
පාසල්වලින් පසුව රෝහල් වැසෙයි..?
පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කරන්නේ ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය අංශ සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණත් තවමත් එවැන්නක් ක්‍රියාත්මක නොවන පසුබිමක වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය. මේ වනවිට සමස්ථ රෝහල් පද්ධතියම දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන අතර ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් රෝහල් පද්ධතියම සෑම අතින්ම අක්‍රමන්‍ය වෙනු ඇතැයි…
Read Moreසහල් මිල පාලනය කරන්න ජනතාවට බාර දෙනවා
පෝලිම් අහිංසකයි, කැරලි තමයි භයානක
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක් උද්ගතව තිබුණි. මෙතෙක් අප දැන සිටි නගරබද වාහන තදබදය සිදුවුණේ, පාරේ යනෙ’න වාහන ප්‍රමාණයේ අධිකතාව නිසා ය. දැන් පාරේ දිවෙන වාහන අඩුයි. අද වාහන තදබදය ඇතිවන්නේ, ඉන්ධන සඳහා පාරවල් අරක්ගත් මේ වාහන පෝලිම් නිසා ය. අපේ ජීවිත කාලයේ ප්‍රථම වතාවට, දුවන වාහන නිසා නොව, නොදුවන වාහන නිසා වාහන තදබදය ඇති කෙරුණු අවස්ථාව මෙයයි. පෝලිමක් යනු,…
Read Moreරනිල් කියන්නේ බොරු ඉන්ධන තියෙන්නේ දවසකට විතරයි!
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ බොරුව නිසා රට තුළ ඉන්ධන පෝලිම් වැඩි වී ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගිය බවය. මේවනවිට සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් නිෂ්පාදනය කළත් එම තෙල් ජනතාවට අවශ්‍ය පරිදි බෙදා හැරීමට යාන්ත්‍රණයක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, මේ වනවිට සති දෙකක් තිස්සේ කිසිම ඉන්ධන වර්ගයක් නොලැබුන පිරවුම්හල් ද ඇති බවය.…
Read Moreචූන් සහ පාන් දෙකම නැති ටුක් ටුක් ආර්ථිකය.
-කේ. සංජීව- මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ. ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම…
Read Moreඊනියා උගතුන්ගේ හා වෘත්තීය සමිති ඒකාධිකාරයෙන් ද නිදහස් විය යුතුයි
– ආචාර්ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read Moreපුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
– අජිත් පැරකුම් ජයසිංහ – පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම…
Read Moreආයෙත් තෙල් නෑ
දැනට ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තෙල් ලැබුණ නිසා තෙල් අර්බුදය තාවකාලිකව සමනය වුණත් තව සති දෙකකින් උග්‍ර ඛනිජ තෙල් අර්බුදයක් එන්නට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිළධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ සති දෙකකට ප්‍රමානවත් තෙල් තොග මෙරට මේවනවිට තිබෙන බවයි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඔටෝ ඩීසල් මෙ.ටො 18,825ක්, සුපර් ඩීසල් මෙ.ටො 42ක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙ.ටො 33,498ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙ.ටො 13,067ක් සහ ගුවන් යානා ඉන්ධන මෙ.ටො 386ක් ඇති බව ඔහු…
Read Moreමෙහෙන් චුත වෙන එක හොඳයි
පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා කට්ටිය යන එක ගැන මගේ අමනාපයක් නැහැ. යන උන් ඩොලර් ආපහු එව්වා උනත් නැති උනත් කමක් නැහැ ඔන්න ඔය යන එවුන්ට යන්න දෙන්න. යන තැනක උන් කාල බීල හරි ඉන්නේ නැතෑ. 1978 පස්සේ අපි ජීවත් උනේ විවෘත වෙළද ආර්ථිකයක. ඌන සංවර්ධිත විදියට හරි අපි ජීවත් වෙච්ච විදියක් තිබ්බ. ඒක පොඩි ලයිෆ් ස්ටයිල් එකක්. 1978 පස්සේ…
Read More