පරිසර ගැටලුව ගැන “රොමෑන්තික” අදහසක්! – සිනමාවේදී චින්තන ධර්මදාස

Read More

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් | environmentalist sajeewa chamikara

Read More

“ගම සමඟ පිලිසඳරක්” යනු ජාවාරම්කාරී ක්‍රියාවලියක් – පරිසරවේදී සජීව චාමිකර

Deforestation in Sri Lanka Environmentalist Sajeeva Chamikara aithiya

වනාන්තර එළිපෙහෙළි කිරීම සාමාන්‍ය දෙයක් බවට සමාජ ගත කරමින් පවතින බවත් විශේෂයෙන් ගම සමඟ පිළිසඳර වැනි වැඩසටහන් වලින් රක්ෂිත වනාන්තර තුල මෙතෙක් මිනිසා භාවිතයට ගන්නා කොටස් භාවිතයට ගැනීම ගැටලුවක් නොමැති බව අඟවා සිටීමක් සිදු කරන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පවසයි. පරිසර විනාශය මේ වනකොට පක්ෂ, දේශපාලන තත්ත්වයකට ලඝු කිරීමට උත්සහ ගනිමින් සිටින අතර නමුත් මෙය ආර්ථික සහ දේශපාලනික  සංකලනයක් ලෙස තමන් දකින බවත්  එසේ නොමැතිව පක්ෂ දේශපාලනයක් නැතැයි ඔහු පවසයි. ඒ අඟවා සිටිමෙන් පසු ජනතාව ඉඩම් එළි පෙහෙළි කරන බවත් නමුත් අවසානයේ සැබවින්ම එහි සිටින්නේ ජාවාරම්කරුවෙක් යැයිද ඔහු කියයි.…

Read More

උතුරේ තවත් අක්කර 400ක් පවරා ගැනීමේ පුරාවිද්‍යා සැලසුම්!

land grabbing in sri lanka

මතබේදයට ලක්වී තිබෙන පුරාවිද්‍යා ගවේෂණ නාමයෙන් උතුරු පළාතේ යුද පීඩිත දෙමළ ජනතාවටත්, වනාන්තරයටත් අයත් තවත් අක්කර සිය ගණනක් පවරා ගැනීමට දැරෙන උත්සාහයක් ගැන කරුණු හෙළිවී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව සැලසුම් අනුව මෙසේ පවරා ගන්නට යන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නිමුරිප්පු ප්‍රාදේශයේ කුරුන්තූර් සිව දේවාලය අවට භූමියයි. ඒ අවට පිහිටි අක්කර හාරසීයක් ‘බෞද්ධ ශුද්ධ භූමියක්’ බව කොළඹ බලධාරීහු පවසති. මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්ට යවන ලිපියකින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දෙමළ ජනතාව පාරම්පරිකව වාසය කළ එම ඉඩම් වැඩිදුර ගවේෂණ කටයුතු සඳහා භාර දෙන ලෙසයි. 1932 වර්ෂයේ සිතියමක් උපුටා දක්වමින් පුරාවිද්‍යා බලධාරීන් මුලින් පවසා ඇත්තේ…

Read More

නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!

land issues in sri lanka S. M. Chandrasena

යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සදහා දීර්ඝකාලීන බදු සහන මත ලබාදී ඇති ඉඩම් වලින් රජයට අයවිය යුතු තිස්හතර කෝටි හැට අට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බව ඉඩම් අමාත්‍යවරයා පවසයි. එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පෙබරවාරි 9 අගහරුවාදා  පැවති මාධ්‍ය හමුවේදී  අමාත්‍ය  එස්. එම්. චන්ද්‍රසේන ඒ බව හෙලි කර තිබේ. කුච්චවේලි…

Read More

රක්ෂිත ප්‍රදේශ වල වගා කළ ගොවීන්ට එහි වගා කරන්න දෙන්න, බාධා එපා – ජනාධිපතිගෙන් නියෝගයක්!

Do not disturb farmers in forest areas - President orders

රක්ෂිත ප‍්‍රදේශවල මීට පෙර වගා කළ ගොවීන්ට ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව එම ඉඩම් වල වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි. ඒ  “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමිනි. ඒ අනුව පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවී, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය. එසේම  කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිවරයා විසින් අවධාරණය කරනු…

Read More

මහවැලි අධිකාරිය අක්කර දහස් ගණනක් පවරා දීමට විරෝධතා!

Protests to hand over lands to Mahaweli Authority

අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින්  මහඔය නගරයේ දී විරෝධතාවක් දියත් කර තිබේ. උද්ඝෝෂකයන් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද – රඹකැන්ඔය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වනවිට සමාගම් ගණනාවකට බඩඉරිඟු වගාව සදහා ලබා දී ඇති බවයි. එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී උද්ඝෝෂකයෝ පවසති. දෙසැම්බර් 10 දින මහඔය නගරයේ දී දියත් කළ  විරෝධතා ව්‍යාපාරය  බින්තැන්නපත්තුව සුරැකීමේ…

Read More