තොප්පිගල මහා ඉඩම් කොල්ලයක්!

මාඳුරුඔය දකුණු ඉවුර යෝජනා ක්‍රමයට අදාළව සංවර්ධනය කරමින් පවතින මහඔය සිට තොප්පිගල දක්වා විශාල ප්‍රදේශයක මහා පරිමාන ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් ඇතැයි වාර්තා වෙයි.

දැනගන්නට තිබෙන ආකාරයට කරදියනාරු පොලිස් සීමාවේ සිට මහඔය තොප්පිගල දක්වා ඉඩම් යොවුන් සේනාංකයට, ප්‍රසිද්ධ ගායකයින් දෙපලකට සහ ඇවන්ගාඩ් සමාගමට දෙන්නට සැළසුම් සකස් කරමින් ඇතැයි වාර්තා වෙයි.

මාඳුරුඔය දකුණු ඇල ව්‍යාපෘතියට අදාළව මේ වනවිට කිලෝමීටර් 10ක පමණ දුරක් ඇල මාර්ගය කැන ඇතැයි වාර්තා වෙන අතර පැරණි විශාල වැව් තුනක් මේ යටතේ සංවර්ධනය වෙනු ඇත. ඒ අනුව මහාඔය සිට තොප්පිගල දක්වා ජලය රැගෙන යෑමට සැළැස්මක් ඇතැයිද එම සැළැස්ම තුළ විශාල ප්‍රදේශයක් අස්වද්දන්නට හැකිවනු ඇති බවද දැනගන්නට ලැබේ.

එහෙත් මෙලෙස සංවර්ධනය වෙන ඉඩම් ආණ්ඩුවේ හිතවතුන් අක්කර දහස් ගණනින් බෙදාගැනීමේ යුද්ධයක් අරඹා ඇතැයිද මහවැලියෙන්ම වාර්තා වෙයි. මේ පිළිබඳව කරුණු විමසීමට මෙම ඇල සංවර්ධනය භාරව සිටින මහවැලි බී කලාපයේ ප්‍රධානියා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය මගහැරිනි.

කේ. සංජීව

Social Sharing
නවතම