මගේ පොත් සිංහල හා දෙමළ භාෂාවලින් පාඨකයො කියවනවනම් මම ඉතාම සතුටුයි – අශෝක් ෆෙරි

ashok feri

(මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය) මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින් කේරළ ජාතිකයන් බොහෝ විට ඉගනීමෙහි දක්ෂයෝ වූහ. ඉන් එක් අයෙකු මගේ මනසේ අදටත් රැඳී සිටින්නේ එක් සුවිශේෂී හේතුවක් නිසා ය. එක්තරා සැඳෑවක ඔහු මට හමුවූයේ අපේ සේවාස්ථානයෙන් පිටත බංකුවක වාඩිවී පොතක් කියවමින් සිටියදී ය. කටාරයේ බැස යන හිරුගේ මඳ හිරු රැස් යට ඉමක් නොපෙනෙන කාන්තාරය දෙස බලාගෙන සිටිය හැකි මේ බංකුවේ පසෙක මම ද වාඩිවූයෙමි. මා දුටු වහාම ඔහු…

Read More

සාහිත්‍ය සංස්කෘතියක නෙමෙයි අපි ජීවත් වෙන්නේ – අනුක් අරුද්ප්‍රසාගම්

A Passage North Anuk Arudpragasam

2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරඟාවලියෙන් හොඳම කෙටිකතාවට හිමි සම්මානය දිනාගැනීමට තවත් ශ්‍රී ලාංකිකයෙකු වූ කාන්යා අල්මේදා සමත්වීම ද කැපී පෙනෙයි. මෙයට පෙර ශ්‍රී ලංකාවේ උපත ලද මයිකල් ඔන්ඩච්චි බුකර් සම්මානය මෙන්ම The Golden බුකර් සම්මානයද දිනාගත්තේය. මෙයට අමතරව ශ්‍රී ලංකාවේ උපත ලද කතුවරයෙකු වන රොමේෂ් ගුණසේකර ගේ Reef නම් නවකතාව 1994 වසරේදී බුකර් සම්මානය සඳහා කෙටි ලැයිස්තුගත වී තිබේ.…

Read More

“අයිතීන් දිනාගන්න වෙන්නේ සටන්වලින්, සම්මුතීන්වලින් නෙවෙයි” – පීටර් ඩී අල්මේදා

Peter D' Almeida political crisis in sri lanka

ධර්මසේන පතිරාජගේ ‘කඩුල්ල’ ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඉර මැදියම’ සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත වශයෙන්ම එහි සැබෑ මූලයන් කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විදුහල් වේදිකාව දක්වාම දිවයයි. නමුත් රංගනවේදියකුගේ අනන්‍යතාවෙන් ඔබ්බට ගිය සටන් අත්දැකීම් බහුල වෘත්තීය සමිති ක්‍රියාධරයකු වශයෙන් සමාන්තර දිවියක් පීටර්ට ඇතැයි බොහෝදෙනා නොදනිති. ඒ අනන්‍යතාවයේ වැදගත් පංගුවක් නියෝජනය කරන්නේ ෆිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ හෙවත් බාලා සහෝදරයාගේ නායකත්වයෙන් මෙහෙයවුණු ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සමග පීටර්ගේ සම්බන්ධතාවයේ ඉතිහාසයයි.…

Read More

ඉස්සර මම චිත්‍ර ඇන්දා. දැන් මට චිත්‍ර ඇදෙනවා..

prageeth rathnayake artist Human Scape

ප්‍රගීත් රත්නායකගේ හත්වන ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය Human Scape කියන නමින් මාර්තු 3,4,5,6 යන දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා ලයනල් වෙන්ටඩ් කලාගාරයේදී පැත්වෙනවා. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමඟ අයිතිය වෙබ් අඩවිය කළ කතාබහක්. Human Scape කියන්නෙ මොකක්ද? HumanAcape කියන වචනාර්ථයක් මම දන්නෙත් නෑ. ඇත්තටම එහෙම වචනෙකුත් නෑ. මේක මං හදන නමක්. Scape කියන දේට මනුස්සයා සම්බන්ධ කරාම මට දැනෙන දේ. ඒක මොකක්ද කියලා නිර්වචනය කරන්න මටත් බෑ ඒක දැනීමක් එක්ක හැදිච්ච දෙයක්. සෞන්දර්යයක් ඇතුලෙ මිනිසාව දකිනවාට වඩා මම මේ ව්‍යුහයට ඇතුලු වෙලා ඒ ගුණයන් ටික ඇඟට ගන්න ට්‍රයි…

Read More

විදේශ රැකියා ඒජන්සියකට කස්ටර්මර්ස්ලා ඉන්න විදිහක් නෑ

Foreign Employment Agencies Vijaya Udupitiya

(රටවිරු පදනමේ මහ ලේකම් විජය උඳුපිටිය) ගෘහ සේවිකාවක් ගෙන්න ගන්න සෞදි අරාබිය ලක්ෂ 24ක් වැය කරනවා. ඒ ලක්ෂ 24න් ලක්ෂ 5ක විතර මුදලක් වැයකරනවා එයා රජයෙන් බලපත්‍රයක් ගන්න ගෘහ සේවිකාවක් ගෙන්වා ගන්න වැඩ කිරීම සඳහා. එයා ඒ රටේ ඒජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධ කරගන්න ඕනී, ඒ ඒජන්තවරයාත් ලක්ෂ 4ක විතර මුදලක් අයකරනවා ගෘහ සේවිකාවක් සොයලා දෙන්න. ඊටපස්සේ ලංකාවේ එජන්ත කෙනෙක් අනිවාර්යයෙන් සම්බන්ධවෙන්න ඕනෑ, එතකොට එයාට එවනවා ලක්ෂ 10කට ආසන්න මුදලක්. එව්වාම මේ ඒජන්තයා මොකද කරන්නේ, මේ ගෘහ සේවිකාව ගමට ගිහිල්ලා සොයා ගැනීම සඳහා තවත් අතරමැදියෙක්ගේ උදව් පතනවා.  පත්තර සහ ටෙලිවිෂන් දැන්වීම්…

Read More

වින්දිතයා නැවතත් වින්දිතකරණය නොකළ යුතුයි!

Child abuse and media Ethics Deepanjalie Abeywardana

(ළමා අපයෝජන සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව මාධ්‍ය පිළිබඳව පර්‍යේෂිකාවක් වන දීපාංජලී අබේවර්ධන දැක්වූ අදහස්) ළමා එහෙම නැත්නම් බාලවයස්කරුවන් සම්බන්ධ අපරාධයන් වාර්තාකරණයේ යෙදෙද්දී මාධ්‍ය මොනවගේ වාර්තාකරණයකද යෙදිය යුක්තේ කියන කරුණ කාරණා තුනක් හරහා අපට දකින්න පුළුවන්. බහුතරයක් මාධ්‍ය බාලවයස්කරුවන් සම්බන්ධ ලිංගික අපරාධ වාර්තාකරණයේදී ගොඩක් වෙලාවට (sensationalism) භාවාතිශමය ආකාරයෙන් වාර්තාකරණයේ නියැලෙනවා. 2016 සිට අපි ‘එතික්ස් අයි’ (Ethics Eye) කියන පිටුවක් කරගෙන යනවා. එයින් කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධව කතා කිරීම. ඒ ගැන යම් හඬක් ඇති කිරීම. එතැනින් අපට මතුවුන උදාහරණ කිහිපයක් මම බෙදා ගත්තොතින් එකක් තමයි – “ඥාති මල්ලිව නිවසටම…

Read More

අනුන්ගේ කුණු ඇද්දට අපිත් මිනිස්සු – කුරුණෑගල විල්ගොඩ දෙමළ සෞඛ්‍ය කම්කරුවෝ කියති.

Kurunegala Wilgoda Tamil Health Workers

ස්වර්ණ පුරවර දිනු බිමක ලැයිමේ මිනිස්සු දිවයිනේ හොදම මහ නගර සභාව ලෙස වාර කිහිපයක් පිට පිට ස්වර්ණ පුරවර සම්මාන දිනූ කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය විල්ගොඩ කම්කරු ගම්මානය ‘ලැයිම ලෙස වහරේ වේ.එය ගංවතුර, වැසිකිළි ප්‍රශ්න, නිල නිවාස ඇතුළත වර්ෂාවෙන් තෙමීම ආදී නේක ප්‍රශ්න හා සමාජ ප්‍රශ්නවලින් ගොහොරුවකි. කැතකුණු ඇද නගර ලස්සන කරන,එහෙත් තමන්ගේ දිවිය මිහිපිට අපායක ගෙවන, පුරවැසියන් ලෙස සිටියත් සැමදා වෙනස්කමේ ගොදුරක් වන ඔවුන්ගේ කතා තියුණුය. සංවේදීය.මේ ඔවුන්ගේ කතාවයි. කුණුකාණුවල වැටී දෑත් දෙපා වණ වූ කුඩා දරුවෝ ගමමැද පිහිටි පිට්ටනියේ මෙකල ඈත ගම්දනව්වකවත් දැකිය නොහැකි දුලබ දසුනකි. මාර්ගගත පන්ති නිසා…

Read More

කරුවල කාමරවල සකස් කරන මැතිවරණ ප්‍රකාශන මත රටක ප්‍රතිපත්ති කරන්න යෑමේ ආදීනවයි අපි මේ විඳින්නේ – මහාචාර්ය රොහාන් සමරජීව

කරුවල කාමරවල සකස් කරන මැතිවරණ ප්රtකාශන මත රටක ප්රඅතිපත්ති කරන්න යෑමේ ආදීනවයි අපි මේ විඳින්නේ

■ ප්‍රබුද්ධ නුවන් කෘෂිකර්ම අමාත්‍යවරයා කියන හැටියට, දෙදහස් පන්සීයක ස්වයංපෝෂිත ඉතිහාසයක් තිබුණ මේ රටේ කෘෂිකර්මාන්තයේ තීරණාත්මක ගැටලුවක් ගෙනාවේ 1965 හරිත විප්ලවය. ඔහුට අනුව හරිත විප්ලවය මගින් ලංකාවේ ගොවීන්ට රසායනික පොහොර බලහත්කාරයෙන් හඳුන්වා දෙනවා. ඇත්තටම හරිත විප්ලවය කියන්නේ එහෙම එකක්ද? ඒක රටේ ස්වයංපෝෂිතභාවය නැති කළාද? අපි ඉස්කෝලේ යන කාලේ වන විට රට ස්වයංපෝෂිත කිරීම කියන එක ඉහළ අරමුණක් හැටියට තිබුණා. මොකද ඒ කාලේ වන විටත් අපිට අවශ්‍ය හාල්, පරිප්පු වගේ ගොඩක් දේවල් පිටරටින් තමයි ගෙනාවේ. අපිට මතකයි ඒ කාලේ බුරුමෙන් හාල් ගේනවා. ඒවා ඉතාම ගඳ සහ ගල් සහිත හාල්. ඒ වගේම…

Read More

ළමා විවාහ සහ ළමා හිංසනය

Child marriage and child abuse in Sri Lanka

‘ මගේ මස්සිනා වෙන කෙනෙකුගේ අතින් අවුරුදු දාහතරේදී මාව දූෂණයට ලක් වුණා. අවුරුදු 14දි තමයි දරුවා ලැබුණෙ. පස්සේ මම වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. දරුවාගේ උප්පැන්නයට නම දෙන්න ඕනෑ නිසයි ඒ  විවාහයට මම කැමති වුණේ. ඒත් බැඳපු දවසෙ ඉඳලා මටයි මගේ පුතාටයි නිදහසක් නම් නැහැ ‘ ඇයගේ නම මම රමණි කියලා කියන්නම්. මට ඇයව මුණ ගැහුනේ දුප්පත්කමේ පත්තේ ජීවත් වෙන මිනිසුන් බහුතරයක් වෙසෙන මොනරාගල දී. ඇය හිංසනයට ගොදුරුවෙලා තියෙන්නේ සිය පවුල ඇතුලතදීමයි. මොනරාගල නැතිනම් පහළ වෙල්ලස්ස කියන්නේ හේන් ගොවිතැන බහුල පළාතක්. අනෙක් පැත්තෙන් වතු ආර්ථිකයේ නටබුන් සහිත තවමත් අමාරුවෙන් වැවිලි…

Read More

කොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!

Prisoners embarrassed by covid incident

(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) – පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය. සිපිරිගෙදර තාප්පයේ  ‘සිරකරුවෝද  මනුෂ්‍යයෝ‍’ යැයි ප්‍රසිද්ධ කර ඇතත් සිරගතව සිට කොරෝනා රෝගයට ගොදුරුවූ රැදවියන් පවසන්නේ තමන් රෝගීන් වුවද, රැඳවියන් වීම නිසා තමන්ට බන්ධනාගාරය තුළදී මනුෂ්‍ය සැලකුම් නොලැබුණ බවය. එසේම රෝගියෙකුට මුහුණදීමට අපහසු අමනුෂ්‍ය සැලකුම්වලට මුහුණදීමට සිදුවුණ බවය. අනුරාධපුර හා වාරියපොළ බන්ධනාගාරවල සිට එම අත්දැකීම්වලට මුහුණදුන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තියුණුය. එයිනුත් කොරෝනා ආරම්භයේ සිටම ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර…

Read More