
ලන්ඩනයේදී කොටි සංවිධානය විසින් ටිල්වින් සිල්යවාට එල්ල කල විරෝධය තුල පවතින උභතෝකොටිකය.!
2024 ජුනි 2024 දින ලන්ඩන්, slough හි ක්‍රිස්ටල් ග්‍රෑන්ඩ් උත්සව ශාලාව තුල එවකට ජනාධිපති අපේක්ෂකයාව සිටි අනුර කුමාර දිසානායකගේ රැස්වීමට ප්‍රීතියෙන් සහභාගීවු කොටි ඩයසපෝරාව( කොටි නොවන දෙමල ඩයසපෝරාවක්ද සිටී) මෙවර ටිලිවින් සිල්වා සහභාගීවු ලන්ඩන් Alperton හි පාසලක පැවැත්වු රැස්විමට එරෙහිව සිදු කල විරෝධය සැලකිල්ලට ගත යුතු දේශපාලනික ගථිකයකි. මෙම දේශපාලනික ගථිකය අපට ආකාර කීපයකින් වරනගා ගතහැකිව තිබේ.
1. පුර්ව ජනාධිපතිවරන සමයේදී අනුරකුමාර අපේක්ෂකයා සමග පැවති දේශපාලනික මධුසමය මේවන විට අවසාන වී ඇති බව.
2. මෙය ජවිපෙ සහ කොටි ඩයසපෝරාව අතර පවතින එකගතාවය මත සිදුකරන ලද දේශපාලන රංගනයක් බව.
A. එම රංගනය ටිල්වින් සිල්වාට එරෙහිව සිදු කරන්නේ ජවිපෙ තුල සිටින සිංහල ජාතිකවාදී ප්රවනතාවය චෙක්මේට් කිරීමට විය හැකිය.
B. එසේත් නැතහොත් ජවිපය දෙමල කොටින්ගේ කෝපයට පත්ව සිටින බව පෙන්වා ඔවුන් කිසිදා රට පාවාදෙන දේශපාලනයක නොයෙදෙන බවට සිංහල සමාජයට ඒත්තු ගැන්වීමට සිදු කරන ලද පුර්ව දේශපාලන ආයෝජනයක් විය හැක.
කෙසේ නමුත් මාගේ තර්කය වන්නේ මෙය දේශපාලනික රංගනයක් වන බවයි.
තවමත් අනුර ජනාධිපතිවරයා දෙමල ඩයසපෝරාවට(කොටි සහ කොටි නොවන) සතුරෙකු වී නොමැති බව එම ඩයසපෝරාව පල කරන විවිධ අදහස් මගින් මනාව තහවුරු වන්නකි.
එසේම ටිල්වින් කලබලයෙන් පසුව ශාලාවට කැදවා ගෙනආ ලන්ඩන්වාසී ජවිපෙ/මාලිමා හිතවාදී ශරීර භාෂාවෙන්ද(body language) මගින්ද ඒ බව තහවුරු වන්නේය.
කොටින්ගේ දැවැන්ත ක්රෝදී උද්ඝෝෂනයකට මුහුනදුන් පිරිසකට මදහසපාමීන් ශාලාවට ඇතුලුවීම අස්වාභාවිකයය.
ඔවුන්ට කොටි විසින් සිදුකල එම අශීලාචාර මැදිහත්වීම පිලිබද කෝපයට පත්වු බවක් පෙනෙන්ට තිබුනේ නැත.
රැස්වීම තුලද ටිල්වින් හෝ වෙනත් කථිකයන් සිදුවු සිදුවීම ගැන බරපතල සාකච්ඡාවට ගත්තේද නැත.
මේ ඉරියව් සමීපව පරීක්ෂා කල චර්යා විද්යාඤයෙක් (Behavioral Scientist) කියා සිටිය් ඒ තුල ගුප්ත බවක් පවතින බවය.
එසේ නම් එම චර්යාව පිලිබදව යම් දේශපාලනික සාක්ච්ඡාවක් කිරීම සාධාරන වන්නේය.
දෙමල ප්‍රශ්නයට අභිමුඛව ටිල්වින් යනු කව්ද?
ටිල්වින් සිල්වා යනු විජේවීර සමයේ ලයනල් බෝපගේ නියෝජනය කරනු ලැබු ජනවාර්ගික ප්‍රශ්නයට දෙමල ස්වයංනිර්නය අයිතිය පිලිගෙන විසදුමක් සෙවීම අවධාරනය කල මතවාදයට එරෙහිව කරුනු දැක්වු සෝමවංශ අමරසිංහ පිලෙහි වර්ථමාන නියෝජනයයි.
සෝමවංශලා එකල එම ස්ථාවරය ඉදිරිපත් කරන ලද්දේද ජනකාන්ත වාදය පදනම් කරගෙන ග්‍රාමීය සිංහල බෞද්ධ පංතිය තම ග්රහනයට ගැනීමටය.
මේ වන විට අනුර කුමාර ජනාධිපතිවරයා සෝමවංශලාගේ එම උත්සාහය යථාර්තයක් බවට පත් කොට තිබේ.
විජේවීර ඊලාම් ප්‍රශ්නයට විසදුම නැමති න්‍යායික ආස්ථානය ඉදිරිපත් කරන ලද්දේ සෝමවංශ අමරසිංහ පිලෙහි දේශපාලනය යථාර්ථයක් කිරීම සදහාය.
විජේවිරගෙ එම මතවාදය හමුවේ ජවිපෙ ලේකම්වරයාවු ලයනල් බොපගේට තම පක්ෂය හැර දමා යන්නට සිදුවුයේ රෝහන විජේවීරයන් ඉදිරිපත් කල න්‍යායික පදනමේ ප්‍රබලත්වය හේතුවෙනි.
1987-89 කැරැල්ලේ පදනමවුයේ ඉන්දු-ලංකා ගිවිසුම හා ඒ මත ඉදිරිපත් කරන ලද පලාත් සභා ක්‍රමයයි.
ඒකී කැරැල්ලේ දේශපාලන පදනම වුයේ පලාත් සභා පිහිටුවීම හා ලංකාව ආක්රමනය කරනු ලැබු ඉන්දියානු ආක්රමනිකයාට එරෙහිවය.
එම දේශපාලනික පදනම න්‍යායාත්මකව විස්තර කොට තිබුනේ විජේවීරගේ පෙර සදහන් ඊලාම් ප්‍රශ්නයට විසදුම යන තිසිසය මගිනි.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බාහු බලයෙන් පලාත් සභා ක්‍රමයට සහයෝගය දැක්වුවන්ට පස්වෙනි සේනාංකිකයන් යන ලේබලය අලවා මැඩලීමට කටයුතු කොට තිබුනි.
විජේවීර-සෝමවංශ න්‍යායික පරම්පරාවෙන් පැවත එන ටිල්වින් සිල්වාට පලාත් සභා ක්‍රමයට සහාය දැක්වීමට තරම්වු න්‍යායික හේතුවක් තිබිය නොහැකිය. එසේ කරන්නට නම් ටිල්වින්ට විජේවීරගේ න්‍යාය ඛන්ඩනය කලයුතුය.
එසේ නොවන පදනමින් පලාත් සභා චන්දය සීමා මායිම් ලකුනු කොට ඉන් පසුව හෝ පරන ක්‍රමයට පැවැත්වීමට තරම්වු දේශපාලන උද්යෝගයක් නොමැතිවීම තේරුම් ගත හැකි දේශපාලනික තත්වයකි.
එවැනි පසුබිමක එක්කෝ අනුර ජනාධිපතිවරයා තම පක්ෂයේ ආදිකතෟ වරයාගේ න්‍යායික ස්ථාවරයට එපිටින් රැඩිකල් තීන්දුවක් ගතයුතුය.
එසේ නැතිනම් විජේවීර-සෝමවංශ-ටිල්වින් සිල්වා ලයින් එකට යටවී මාධ්‍යමික සිංහල ජාතික වාදය සමග අනන්‍යවෙමින් තම බොනපාට්වාදී ජනකාන්තවාදී දේශපාලනය තවදුරටත් තීව්‍රකර ගතයුතුය.
ලන්ඩන් සිදුවීම මේ මාර්ග දෙක හරහාම ගමන් කිරීමට නිමිත්තක් සපයා තිබේ.

