කන්දකාඩු රැඳවියන් අතුරුදන්

ඊයේ (27) රාත්‍රීයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් පසුව එම කඳවුරේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ අතුරුදන්වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගැටුමින් එක රැඳවියෙක් මියගොස් ඇතිබව පොලීසිය වාර්තා කරන අතර එම ගැටුමෙන් පසුව රැඳවියන් 600ක් අතුරුදන්වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මේවනවිට අතුරුදන් වූ රැඳවියන් සොයාගැනීම සඳහා එම ප්‍රදේශයේ යුධ හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තා වේ.

Social Sharing

නවතම