“රජය තමන්ගේ නොහැකියාව පොලීසිය පිට පටවලා” – ප්‍රියන්ත ජයකොඩි

“අද වෙන කොට රජය තමන්ගේ නොහැකියාව පොලිසිය මගින් හරස් කරලා තිබෙනවා.ඒ කියන්නේ අද වෙනකොට ලංකාවෙ තෙල් ප්‍රශ්නය ඇති කරල තියෙන්නෙ පොලීසිය එහෙම තමයි මහජනතාව තුළ ඇති වෙලා තිබෙන අදහස මොකද පොලිසිය තමයි හැම තෙල් පෝලිමක්ම හදන්න දාල තියෙන්නෙ.

නමුත් මිනිස්සු හොදාකාරවම දන්නවා මේ තත්ත්වය ඇති කළේ පාලකයෝ කියලා. ඉතින් මම විශේෂයෙන්ම මහජනතාවට මතක් කරන්න ඕන මේකෙදි අපි ගැටෙන්න ඕන මේ පාලකයොත් එක්ක කියලා නැතුව ඒකට හරස් වෙලා ඉන්න පොලිසියත් එක්ක නෙවෙයි.නමුත් මහජනතාව සහ පොලීසිය අතර ගැටුමක් ඇති කරන්න ආකාරයට රජය කටයුතු කරලා තියනවා. ඔවුන් හරිම කූඨ විදිහට මේ උපක්‍රමය භාවිතා කරනවා.

මේ පොලිස් නිළධාරියොත් වින්දිතයි. ඔවුන් කරන්නෙ තමන්ගෙ රාජකාරිය නමුත් සමහරක් අය තමන්ගේ සීමාව ඉක්මවලා ගිහිල්ලා බොරු අධිකාරි බලයක් මවා ගෙන කටයුතු කරන අවස්ථා තිබෙනවා. රඹුක්කනදී අපේ පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවලා ගියා.එතන ක්‍රියාත්මක වුණේ වෙනම න්‍යාය පත්‍රයක්.

මේ ආකාරයට පොලිසිය සහ මහජනතාව ගැටීම නිසා අන්තිමේදී වෙන්නේ සිවිල් නීති කඩ වී යාමේ තත්වයක්. ඒ නිසා අපි මේ තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕනි.”

වධහිංසාවට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජ්‍යාත්‍යන්තර දිනය නිමිති කොට ගෙන පසුගිය 27 වන දා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් පැවැත්වූ සංවාද මණ්ඩපය අතරතුර දී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මෙම අදහස් දැක්වීම සිඳුකරන ලඳි.

එසේම මෙම සංවාද මණ්ඩපය සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්භිකා සත්කුලනාදන් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානයක මහතා ද සහභාගී වී සිටියහ.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙන්ම වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයින් පිරිසක් ද මෙම වඩසටහනට සම්බන්ධ වී සිටියහ.

Social Sharing
නවතම