ට්‍රම්ප් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි!

ඉරාන රජය සමඟ ගිවි­සු­ම්ගත වීම සඳහා යළි සාකච්ඡා පැවැ­ත්වීමේ ඉඩ­කඩ මතුවී ඇති බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය අවට සිරවූ වෙළෙඳ නෞකා නිද­හස් කිරි­මට සහාය ලබා දීමට ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්‘ මෙහෙ­යුම තාව­කා­ලි­කව අත්හි­ටුවූ බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක් තබ­මින් ට්‍රම්ප් සඳ­හන් කර ඇත්තේ පාකි­ස්තාන රජයේ ඉල්ලීම මත කෙටි කාල­සී­මා­ව­කට එම මෙහෙ­යුම අත්හි­ටු­වී­මට පිය­වර ගත් බවය. එසේ වුවත් අමෙ­රි­කානු නාවික හමු­දාව ඉරාන වරා­යන් අව­හිර කිරිම අඛ­ණ්ඩව සිදු­ක­රන බව ද ඔහු සඳ­හන් කර තිබේ.

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිවේ­ද­නය නිකුත් වී ඇත්තේ ඉරා­න­යට එරෙ­හිව අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඒකා­බ­ද්ධව පසු­ගිය පෙබ­ර­වාරි 28 වැනිදා ආරම්භ කළ යුද මෙහෙ­යුම අව­සන් කළ බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කිරි­මෙන් පසු­වය. ඉරා­නය සම්බ­න්ධව සිය අර­මුණු සාර්ථක කර­ගත් බැවින් එම මෙහෙ­යුම අව­සන් කළ බව අමෙ­රි­කානු රාජ්‍ය ලේක­ම්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළ බව වාර්තා වේ.

වෙළෙඳ නෞකා­ව­ලට මඟ පෙන්වන යන්ත්‍ර­ණ­යක් ලෙස පසු­ගිය සඳුදා අමෙ­රි­කානු නාවික හමු­දාව විසින් ක්‍රියා­ත්මක කරනු ලැබූ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙ­යු­මට ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් දැඩි අන­තුරු ඇඟ­වීම් නිකුත් කර තිබූ අතර, වෙළෙඳ නෞකා­ව­ලට ආර­ක්ෂාව සැප­යී­මට හෝමූස් මුහුදු තීර­යට ඇතු­ළු­වන ඕනෑම අමෙ­රි­කානු නෞකා­ව­කට පහර දෙන බව නිවේ­ද­නය කළ බව වාර්තා වේ. එම මෙහෙ­යුම අත­ර­තු­රදී ඉරාන ආර­ක්ෂක හමු­දාවේ අණ නොතකා හෝමූස් සමුද්‍ර සන්ධිය තර­ණය කිරී­මට උත්සාහ කළ නෞකා දෙක­කට සහ අමෙ­රි­කානු යාත්‍රා­ව­කට ඉරාන ආර­ක්ෂක හමු­දා­වෙන් ප්‍රහාර එල්ල වූ බවද වාර්තා වේ. එහෙත් පසුව නිවේ­ද­නය කළ අමෙ­රි­කානු මධ්‍යම හමුදා අණ­දෙන මධ්‍ය­ස්ථා­නය කිසිදු අමෙ­රි­කානු යාත්‍රා­ව­කට ප්‍රහා­ර­යක් එල්ල නොවූ බව කිය­මින් ඉරා­නයේ ප්‍රකා­ශය ප්‍රති­ක්ෂේප කළ බව වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්