මානව හිමිකම් සුරුවකුගේ වෙන්ව යෑම!

මා කිහිපවර කොලඹ 3 චාර්ල්ස් වට රවුමේ පිහිටි නඩේසන් මධ්‍යස්ථානයට ගොස් ඇත. ඒ විවධ කාල වල මානව හිමිකම් ආයතන සමග තිබු සක්‍රීය බැඳීයාවන් නිසා අවශ්‍ය තොරතුරු සම්පාදනයටය.

අවසන් වරට එහී ගියේ ශීරාණී බන්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමිය බලයෙන් පහ කිරීම සඳහා කටයුතු කල අවධීයේ ඒ ක්‍රියාවට එරෙහීව කල අරගලයට සඳහා අවශ්‍ය ලේඛන ගෙන ඒමටය. කාමරයක සුරියා සිටි අතර ඇගේ දැවැන්ත ප්‍රතීරුපය හමුවේ එහී ගොස් ඈ සමග කතා කිරීමට මට වුයේ පය පැකිලීමකි.
ඇය සමග විවිධ රැස්වීම් වල අදහස් බෙදා ගෙන ඇත. නමුත් පුද්ගලසාමීචී වුයේ නැත.

මා හඳුනාගෙන සිටි එහී පුස්තකාලයේ සිටි සොයුරිය සමග කතා කර අප ගිය කාරනය ඉටු කර ගැනීමට හැකි නිසා සුරියා හමුවීමට ඇයගේ කාමරයට යෑම අවශ්‍ය වුයේ නැත. නඩේසන් මධ්‍යස්ථානය කොලඹ මානව හිමිකම් සංදර්භයේ මුල් කේන්ද්‍රස්ථානයකි, දැනුම කෝශයකි. මානව හිමිකම් ක්‍රියාකාරිකයන්ට අවශ්‍ය බොහෝ ලේඛන එහී ඇත.

1971 වන විට මා ඉතා කුඩා අයෙකි, එහී අත්දැකීම් මට නැත. ඒ සමයේ ජීවත්වු ඇය සමග කටයුතු කල අය ඒ කාලයේ ඇය කල කටයුතු ගැන මට කියු දේ නිසා මා තුල ඇය කෙරෙහී ඇත්තේ දැඩී ගරුත්වයකි.

ඇය, රාජ නීතීඥ එස් නඩේසන් මහතා සහ කීර්තීමත් ඇන්ග්ලිකන් බිෂොප්වරයකු වු අතිගරු ලක්ෂ්මන් වික්‍රමසිංහ තවත් ක්‍රියාකාරීන් ප්‍රමුඛව සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පිහිටුවන ලදී. ඒ වන විට 1971 කැරැල්ල සහ අනතුරුව මහ පරිමාන සිරගත කිරීම හමුවේ එයට ප්‍රතිචාර දැක්වීම වෙසෙසින්ම මෙහී අරමුණ විය.
මා සිතන ආකාරයට පශ්චාත් විශ්ව මානව හිමිකම් ප්‍රඥාප්තී සමයේ ලංකාවේ මානව හිමිකම් ගැන කල පළමු ඇරඹුම එයයි.

මගේ වැඩිහිටි හිතවතුන් මා සමග කිවු ආකාරයට ඇය මානව හිමිකම් ගැන උනන්දුවක් දැක්වු අය සොයා ගොස් සහ ඒවකට ආශ්‍රීත ක්ෂේත්‍ර එනම් වෘත්තියීය සමිතී , කාන්තා ව්‍යාපාර සහ විශේෂයෙන්ම රැඩිකල් කිතුනු ආගමික කණ්ඩායම් වලින් පිරිස් සොයාගෙන කැරැල්ලෙන් විනාශයට පත්වු එනම් ගෙවල් දොරවල් අහීමීවු සහ සිරගතවු පවුල් වලට සහන ලබා දීමටත් සිර කරුවන් බැලීමට රැඳවුම් කඳවුරුවලටත් මේ ස්වේච්චා කන්ඩායම් යොමු කර ඇත.

ලංකාවේ පළමු මානව හිමිකම් සංවීධාන ගත වීම සිදුකර ඇත්තේ ඇය සහ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයයි. මා අසා ඇතී අකාරයට.

අපරාධ යුක්තී කොමිසමට සහභාගී වීම සහ දේශපාලන සිරකරුවන් සමග කටයුතු කිරීම සිරිමා බණ්ඩාරනායක රජය කාලේ ඇයගෙන් සිදු විය . ඒ සමයේම ඇය ඇම්නැස්ටී ඉන්ටර්නැශනල් සමග එක්වී මේ රඳවා තබා ගැනීම් සහ දේශපාලන සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන ජාත්‍යන්තරයේ හඬ නගා ඇත. ඒ සඳහා ඇය අපමන වෙහෙසක් ගෙන ඇත.

1976 දී ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ මානව හිමිකම් සැණකෙළියක් පැවැත්වීමද ඇයගේ විශාල දායකත්වයක් මත සිදුවී ඇත. ඒ අරමුදල් ලංකාවේ මානව හිමිකම් කටයුතු වලට යොදාගෙන ඇත.

1977 න් පසු ජේ ආර්ගේ රජයේ මානව හිමිකම් කඩ කරන විට ඒවාට එරෙහීව හඬ නැගීම සිවිල් අයිතිවාසිකම් මධ්‍යස්ථානය ඇය විසින් කරන ලදී

1987 – 90 කාලයේ ජනතා විමුක්තී පෙරමුණ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විවිධ සිවිල් හා දේශපාලන පුද්ගලයන් ඝාතනය කරන විට ද, ජේ ආර් සහ ප්‍රේමදාස රජයන් ජනතා විමුක්ති පෙරමුණ තීරශ්චීන ලෙස මර්ධනය හා ඝාතනය කරන වීටද එක සේ හඬ නැගීය.

1971 කැරැල්ලෙන් පසු හැමන් හිල් සිර කඳවුරට රෝහණ විජේවීර බැලීමට ඇම්නැස්ටිය රැගෙන ඇය ගියේය. ඇය අවංක කෙනෙකුන් Genuine බව රෝහණ විජේවීර පැවසු බව ලයනල් බෝපගේ කියයි.

ඇගේ දෙමව්පියන්වු සහ කොමියුනිස්ට් පවුලක්වු Dr. S A වික්‍රමසිංහ සහෝදරයාගේ සහ ඩොරීන් යන්ග් වික්‍රමසිංහ සහෝදරීයගේ දේශපාලන පරීචය සහ සටන්කාමීත්වය ඇය සතුවු බව ඇය ගැන තතු දත් අය කියයී.

වත්මනේ බොහෝ දෙනකු සුරියා ගැන දන්නේ නැත.

බොහෝ අය මානව හිම්කම් කතා කලත් මේ රටට මානව හිමිකම් ගැන පලමු පියවරක් තැබු ගැහැනිය අපෙන් වෙන්වී ගොස් ඇත. ඇය අපේ කාලයේ වීර වරියකි.

Suriya Wickremasinghe ( 1934 – 2026 )

සටහන නීතිඥ ලක්ෂාන් ඩයස්

Social Sharing
පුවත් විශේෂාංග