බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණු පළමුවැනි රාජකීය කාන්තාව

මේ ඉන්නෙ දෙවැනි ලෝක යුද්ධ යුද්ධ කාලෙ හිටපු 18 හැවිරිදි සෙබලියක්. අපි දන්න කෙනෙක්. ඒ තමයි දෙවැනි එලිසබෙත් රැජින. දෙවැනි ලෝක යුද්ධෙ පටන් ගත්තෙ 1939 දි. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ තීරණය උනේ රජ පවුලේ කාන්තාවන් සියලුම දෙනාව කැනඩාවට යවලා ආරක්ෂා කිරීම. හැබැයි එලිසබෙත්ගෙ අම්මා බ්‍රිතාන්‍යයෙන් පිටවීම ප්‍රතික්ෂේප කෙරුවා. නැවතුණා.

එලිසබෙත්ට එතකොට වයස අවුරුදු 13 යි. යුද්ධය වසර ගානක් ඇදුනා. 1945 වෙද්දි එලිසබෙත්ට වයස අවුරුදු 18 පිරුණා. එලිසබෙත් කරපු මුල්ම ඉල්ලීමක් උනේ එයාට බ්‍රිතාන්‍යය වෙනුවෙන් ආරක්ෂක අංශයට යන්න ඕනෑය කියන ඉල්ලීම. මේක එයාගෙ තනි කැමැත්තකින් ගත්තු තීරණයක්.

මේ වෙද්දි බ්‍රිතාන්‍යයේ රජතුමා තමයි දෙවැනි එලිසබෙත්ගෙ තාත්තා. හයවැනි ජෝර්ජ්. තාත්තා මේ ඉල්ලීමට විරුද්ධ උනේ නෑ. ඒ අනුව එලිසබෙත් හමුදාවට බැඳුනා.
තාත්තා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලකයා වීම හින්දා, එලිසබෙත්ට බ්‍රිතාන්‍ය හමුදාවෙ ඉහළ තනතුරක් ලැබුණෙ නෑ. එයා තෝරාගත්තු අංශයේ සාමාන්‍ය ලෙස සේවය කිරීම තමයි එයාගෙ රාජකාරිය උනේ. බ්‍රිතාන්‍ය හමුදාවෙ, කාන්තා අංශයේ පූර්ණකාලීනව වැඩ කරපු පළමුවැනි රාජකීය කාන්තාව තමයි එලිසබෙත්.

එලිසබෙත් සේවය කෙරුවෙ සටන් පෙරමුණක නෙවෙයි. සැපයුම් අංශයක. හැබැයි එලිසබෙත් හිටපු සැපයුම් අංශයේ සෙබලියන් පවා දෙවැනි ලෝක යුද්ධයේදි බෝම්බ ප්‍රහාරවලින් මියැදුනා. ඒ කියන්නෙ එලිසබෙත් තරුණකමට ගත්තු තීරණයේ යම් අවදානමකුත් තිබුණා. මුලු බ්‍රිතාන්‍යයම දැනගෙන හිටියා තරුණ එලිසබෙත් කුමරිය, කවදා හෝ රැජින වන බව. මොකද ජෝර්ජ්ගෙ වැඩිමල් දියණිය තමයි එලිසබෙත්. එවැනි තත්ත්වයකදී යුධ අවදානම දැරීම ටිකක් විශේෂ කාරණයක්.

එලිසබෙත්ගෙ යුධ පුහුණුවට, සන්නද්ධ රථ පැදවීම, යුධ සිතියම් කියැවීම, යාන්ත්‍රික ශිල්පය, සන්නද්ධ රථවල එන්ජින් අලුත්වැඩියාව, ආදිය ඇතුළත් උනා. මේ හැමදේම එලිසබෙත් පුහුණුවෙලා අදාල පරීක්ෂණ සමත් උනා.

හැබැයි මේ හැමදේම පිටුපස රාජකීය සහායය තිබුණා. විශේෂයෙන්ම එලිසබෙත් සේවය කරපු කාන්තා අංශයේදි එයාව සැළකුවෙ ගරු සේවයක් කරන සෙබලියක් විදිහට. එලිසබෙත්ගෙ සේවා අංකය තමයි 230873.

යුද්ධය අවසාන වීමත් එක්ක මේ සැපයුම් අංශයත්, එලිසබෙත්ගෙ සේවයත් අවසන් උනා. 1953 දි එලිසබෙත් බ්‍රිතාන්‍යයේ රැජින බවට පත් උනා. ඒ වයස අවුරුදු 27 දි.
අපි නිතර දකින එලිසබෙත් ඉන්නෙ ඔටුන්නක් දාගෙන. රාජකීය ඇඳුමින්. හැබැයි මේ ඉන්නෙ හමුදා ඇඳුමින් සැරසුණු එලිසබෙත් සෙබලිය. මේ ඡායාරූපය ඓතිහාසික එකක්.

උපුටා ගැනීම නුවන් ඉෂාර මහගමගේ

Social Sharing
නවතම පුවත්