නඩු ප්‍රමා­දය අවම කරන්න විනි­සු­රු­ව­රුන් බොහෝ වෙහෙ­සෙ­නවා – හර්ෂණ නානා­ය­ක්කාර

ලෝකයේ දියුණු රට­වල ජන­තා­ව­ගෙන් මිලි­ය­න­ය­කට විනි­සු­රු­ව­රුන් 40ක් හෝ 60ක් සිටි­යද ශ්‍රී ලංකාවේ ජන­තා­ව­ගෙන් මිලි­ය­න­ය­කට සිටින්නේ විනි­සු­රු­ව­රුන් 19 දෙනෙක් පම­ණක් බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැවැ­සීය.

නඩු ප්‍රමා­ද­යට මෙම තත්ත්ව­යන් හේතු­වක් බවට පත්ව තිබු­ණද නඩු ප්‍රමා­දය අවම කිරීමේ ක්‍රියා­ව­ලියේ දී මෙරට විනි­සු­රු­තු­මන්ලා විශාල කාර්ය­භා­ර­යක් සිදු කරන බව ද අමා­ත්‍ය­ව­රයා කීය.

යුක්තිය පසි­ඳ­ලීමේ කාර්ය­භා­රය වඩාත් කාර්ය­ක්ෂම කිරීමේ අර­මු­ණින් රුපි­යල් මිලි­යන 202 ක මුද­ලක් වැය කර­මින් අභි­න­ව­යෙන් ඉදි­ක­රන ලද පුත්ත­ලම නව අධි­ක­රණ ගොඩ­නැ­ඟිල්ල ජනතා අයි­ති­යට පත් කිරීමේ අව­ස්ථා­වට ඊයේ (15) එක්වෙ­මින් අමා­ත්‍ය­ව­රයා මේ බැව් ප්‍රකාශ කළේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කළ අමා­ත්‍ය­ව­රයා මෙසේද කීය.

ලෝකයේ දියුණු රට­වල ජන­තා­ව­ගෙන් මිලි­ය­න­ය­කට විනි­සු­රු­ව­රුන් හත­ළි­හක් හෝ හැටක් ඉන්නවා. නමුත් අපේ රටේ මිලි­ය­න­ය­කට ඉන්නේ විනි­සු­රු­ව­රුන් 19 දෙනෙක් පම­ණයි. නඩු ප්‍රමා­ද­යට මෙම තත්ත්ව­යන් හේතූන් බවට පත්ව තිබෙ­නවා. නඩු ප්‍රමා­දය අවම කිරීමේ ක්‍රියා­ව­ලියේ දී විනි­සු­රු­තු­මන්ලා විශාල කාර්ය­භා­ර­යක් සිදු කර­නවා. පසු­ගිය කාලයේ සිදු වූ ආර්ථි­කයේ බිඳ වැටී­මත් සමඟ සියලු ක්ෂේත්‍ර­යන් කඩා වැටුණා. නතර වී තිබු සියලු ක්ෂේත්‍ර­වල කට­යුතු අපේ රජය බල­යට ඇවිත් නැවත ආරම්භ කරනු ලැබුවා.

අධි­ක­රණ හා ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශය සහ ඒ යටතේ පව­තින ආය­ත­න­වල පුර­ප්පාඩු 6021 ක් පැව­තුණා. ඉන් 1024 ක් බඳවා ගැනී­මට කට­යුතු කර තිබෙ­නවා. වත්මන් රජය මහ­ජ­න­තා­වගේ බදු මුද­ල්ව­ලට බරක් වෙන්නේ නැහැ. අපේ රජය බල­යට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු කිරී­ම­ටයි. ඒ වෙනු­වෙන් සිදු කළ යුතු සියලු පිය­වර ගන්නවා.

පුත්ත­ලම කාති අධි­ක­ර­ණය සඳහා විනි­සු­රු­ව­ර­යෙක් ලබා­දී­මට සහ කල්පි­ටිය අධි­ක­රණ ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් කඩි­නම් කිරී­මට කට­යුතු කර තිබෙ­නවා. අධි­ක­රණ කට­යුතු වෙනු­වෙන් යටි­තල පහ­සු­කම් සැප­යීම අධි­ක­රණ අමා­ත්‍යාං­ශය සිදු කළත් ඒ ඒ පළාත් වෙනු­වෙන් අධි­ක­රණ ස්ථාපිත කිරීමේ කාර්ය සිදු කරනු ලබන්නේ අධි­ක­රණ සේවා‌ ­කො­මි­ෂම් සභා­වයි. 2022 වසරේ දී සුළු හිමි­කම් අධි­ක­රණ හඳු­න්වාදී තිබු­ණත් දැනට සුළු හිමි­කම් අධි­ක­රණ ස්ථාපිත කර ඇත්තේ මාතර සහ මහ­නු­වර පම­ණයි. ඒ අනුව සුළු හිමි­කම් අධි­ක­ර­ණ­යක් වෙනු­වෙන්ද පහ­සු­කම් මෙම අධි­ක­රණ ගොඩ­නැ­ඟිල්ල තුළ ස්ථාපි­තයි. 2023 අංක 29 දරන සිවිල් නඩු විධාන සංග්‍ර­හ­යට කළ සංශෝ­ධ­නය මඟින් පූර්ව නඩු විභාග ක්‍රම­වේ­දය හඳුන්වා දෙනු ලැබුවා. එම පූර්ව නඩු විභාග අධි­ක­ර­ණ­යක් ස්ථාපිත කිරීමේ පහ­සු­කම්ද මේ ගොඩ­නැ­ඟිල්ල තුළ පව­ති­නවා.

පුත්ත­ලම අධි­ක­රණ ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 202 ක මුද­ලක් විය­දම් කර තිබෙ­නවා. අධි­ක­රණ පද්ධ­තිය තුළ යටි­තල පහු­ස­කම් ඇතුළු ගැටලු තිබෙ­නවා. මේ ගැටලු අර්බුද රටේ සෑම ක්ෂේත්‍ර­ය­කම පව­තින බව සඳ­හන් කළ යුතුයි.

නොරො­ච්චෝල විදුලි බලා­ගා­ර­යෙන් ඉවත් කරන ලද අළු­ව­ලින් සකස් කළ ගඩොල් භාවිත කර­මින් අධි­ක­රණ ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රීම් සිදු කර ඇති අතර, විවෘත කිරී­මෙන් පසුව ඉදි­කි­රීම් සිදු කළ පෙද­රේරු මහතා සමඟ හමුවී සුහද කථා බහක ද අධි­ක­රණ අමා­ත්‍ය­ව­රයා නිරත විය. නව අධි­ක­රණ ‌ගොඩනැ­ඟිල්ල විවෘත කිරී­මෙන් අන­තු­රුව පුත්ත­ලම අධි­ක­ර­ණයේ පව­තින අව­ශ්‍යතා සොයා බැලීමේ නිරී­ක්ෂණ චාරි­කා­වක්ද අධි­ක­රණ අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කරන ලදි.

Social Sharing
නවතම පුවත්