
ළමා අපයෝජන වලට එරෙහිව කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා නැගෙනහිර එක්සත් කාන්තා සංවිධානය එක්ව විරෝධතා සතියක් පවත්වන අතර අද දින ඔවුන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක සුරංග රූපසිංහ මහතා සඳහන් කර සිටියේ අනුරාධපුර බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජන සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග සිදු වෙමින් පවතින අවස්ථාවක මෙරට නීතිඥවරුන් හා ප්‍රධාන නමගිය ආගමික නායකයන්ගේ හැසිරීම කණගාටුදායක බවයි.
තවද ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නීතිය බලගැන්වීමේ අංශයේ අධ්යක්ෂකවරීය සංජීවනී අබේකෝන් මහත්මිය ඉතාමත් ප්‍රශංසනීය අයුරින් සිය කාර්ය භාරය ඉටු කළ බවයි.
සුරංග රූපසිංහ මහතාගේ සම්පූර්ණ කතාව පහත වීඩීයෝවෙන්
