‘අපරාධ රාජ්‍යයක් ‘කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී වසීම් තාජුඩීන්ගේ මාමා කළ හෙළිදරව්ව

තාජුඩීන් පුතාගේ රිය අනතුර බැලුව පුදුම සහගතයි. පුතා ගියපු කාර් එක කාණුවකට පෙරලී තිබුනා. ඉදිරිපස ප්‍රදේශය හා පැති කණ්නාඩි කැඩිල තිබුනා.  අපිට පෙණුනෙ ඒක පොඩි අනතුරක් විදියට. නමුත්, පුතා මිය ගිහින් තිබුනා. එයාගේ සිරුර තිබුනේ රියදුරු අසුනට යාබද අසුනේ.

මේ සම්බන්ධව පැවති පළමු මරණ පරීක්ෂන වාර්තාවෙන් කියවුනේ බීමත් කමින් අධික වේගයෙන් රියපදවා යාම නිසා සිදු වූ අනතුරකින් පසුව රිය ගිණි ගැනීම හේතුවෙන් ඇති වූ විශදුමාරය අග්‍රහණ වීමෙන් මෙම මරණයක් සිදුව ඇති බවයි. නමුත්, මේ සම්බන්ධව කෙරුණු දෙවැනි මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වුනේ මරණය සිදුව ඇත්තේ කෘෘර වදහිංසාවට පත්වීමෙන් පසුව බවයි.

වසීම් තාජුඩීන්ගේ මාමා මේ ප්‍රකාශය සිදු කළේ 2025 සැප්තැම්බර් 28 වැනි දින මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත නවතම කෘතිය වන ‘අපරාධ රාජ්‍යයක් – අසංක්ෂිප්ත පරිච්ඡේදයක්’ කෘතිය එළිදැක්වීම සහ සහෘද කතිකාවට සම්බන්ධ වෙමිනි.

මෑත ඉතිහාසයේ ආන්දෝලනයට තුඩු දුන්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණු සංසිද්ධි රැසක් පාදක කරගනිමින් රචිත මෙම කෘතිය හා නීතිය ඉදිරියේ ඇති අභියෝගාත්මක ගැටලු ගැන ප්‍රමුඛ දෙසුම් සහ වින්දිත පාර්ශ්ව නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙහිදී කෙටි අදහස් දැක්වීම් සිදුකරනු ඇත.

කසුන් පුස්සෙවෙල විසින් රචිත වැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය පිළිබඳ කෘතියත්, විනිර්මුක්තිය කෘතියත් පසුගිය කාලයේ දැඩි කතාබහට ලක් විය. රාවය පුවත්පතෙන් මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තිය ආරම්භ කළ ලේඛකයා, ඉරුදින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන්ද, රැස පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

 

Social Sharing
අවකාශය නවතම