ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.
අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති සඳහන් කළේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවත්ය.
දැන් පවතින තත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත්, එම නිසා එසේ සිදුකර නොමැති බවත් ඔහු පවසයි.
මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවද එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවද එය සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
aruna.lk
