තොරතුරු කොමිසමට ඉක්මනින්ම සභාපතිවරයකු පත් කරන්න! – BASL

BASL flags delay in appointing RTI Commission chair

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI) සභාපතිවරයා පත් කිරීම දිනෙන් දින ප්‍රමාද වීම සම්බන්ධයෙන් කනස්සල්ල පලකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL),  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඒ පිළිබඳව සිහිකැඳවීමක් කර ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ සභාපතිවරයා පත් කිරීමේ කාලින අවශ්‍යතාවය අවධාරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංවිධානය අගෝස්තු 01 දා කතානායකවරයා වෙත යොමුකර ඇති ලිපියක එම සිහිකැඳවීම කර තිබේ.

මෙම තනතුර සැළකිව යුතු කාලයක් තිස්සේ පුරප්පාඩුව පවතින බව පෙන්වා දෙන නීතිඥ සංගමය, මෙම කාරණය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන RTI කොමිසම සම්පූර්ණයෙන්ම පිහිටුවීමට අවශ්‍ය ඉතිරි සාමාජිකයා නම් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කෙරෙහි තබා ඇති මහජන විශ්වාසය ගැන සැළකිලිමත් වී, ඉතිරි පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු සහ පිළිගත හැකි නිර්දේශයක් නොපමාව ම ලබා දෙනු ඇති බවත් BASL විශ්වාසය පළ කරයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න 2025 මාර්තු 9 වන දින ඉල්ලා අස්වීමෙන් පසු, එම තනතුර පිරවීම සඳහා කිසිදු පත්වීමක් සිදු කර නොමැත.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ දක්වා ඇති පරිදි, සභාපතිවරයාගේ කාර්යභාරය, කොමිසමේ ඵලදායී ක්‍රියාකාරිත්වයට සහ තොරතුරු වෙත ප්‍රවේශ වීමේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා එහි ඇති වරම සඳහා ඉතා වැදගත් වේ.

“සභාපතිවරයෙකු නොමැතිවීම කොමිසමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමට සහ එහි රාජකාරි ඉටු කිරීමට  බාධාවක්” යැයි BASL ලිපියේ සඳහන් වන අතර, එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන RTI කොමිසමක් සහතික කිරීමේ ජාතික වැදගත්කම අවධාරණය කරයි.

BASL හි ලිපියට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් තබා ඇත.

https://www.dailymirror.lk/breaking-news/BASL-flags-delay-in-appointing-RTI-Commission-chair/108-315761

theleader.lk

 

 

Social Sharing
අවකාශය නවතම