ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
එමගින් කොමිසම පවසා සිටින්නේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරිමට සියලු දෙනා බැදී සිටින බවයි. මේ පිළිබඳව සියලුම අමාත්‍යංශ ලේකම්වරු , පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු , දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරිමටද කොමිසම පියවර ගෙන තිබේ.
එමෙන්ම මානව හිමිකම් කොමිෂන් සභා පනතේ නිර්දේශයේ සඳහන් කාලය තුළ එම නිර්දේශ බලාත්මක කිරීම පිණිස එම තැනැත්තන් විසින් ගන්නා හෝ ගැනිමට බලාපොරොත්තුවන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කොමිෂන් සභාව දැනුවත් කළ යුතු බව එහි සදහන්.
කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඇතැම් රාජ්‍ය නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ අදාල පුද්ගලයින් අභියාචනා ඉදිරිපත් කර ඇති හේතුව මත කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මත කර නොමැති බවයි.
මේ සම්බන්ධව අදහස් දක්වන කොමිෂන් සභාව, පනත අනුව දෙනු ලබන නිර්දේශ සඳහා නැවත අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බවත්, ඒ් හේතුවෙන් නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් නොමැති බවට ශ්‍රී ලංකා මානව කොමිෂන් සභාව පෙන්වා දෙයි.
අදාල නිවේදනය පහත දැක්වේ.
