අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය විසින් ප්‍රකාශනයේ නිදහස සීමා කරන නීති තුළ ජනමාධ්‍යවේදීන්ගේ වගකීම මැයෙන් වූ මාධ්‍ය සාකච්ඡාවක් අද (8) දහවල් 2.30ට කොළඹ පහ ජානකී හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.

එහිදී ප්‍රකාශනයේ නිදහස සීමා කිරීමට ගෙන එන නීති අණපනත් හා ඒ තුළ මාධ්‍යවේදීන්ගේ වගකීම යන මාතෘකාව ඔස්සේ අදහස් දැක්වීම් පෙළගස්වා ඇත. මාධ්‍යවේදී අජිත් පැරකුම් ජයසිංහ, අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ ලේකම් නීතිඥ දුලාන් දසනායක මාධ්‍යවේදී ජනුර් කිච්ලාන්, මාධ්‍යවේදී ආර් සේගර්, මාධ්‍යවේදී ජයනි අබේසේකර යන මහත්ම මහත්මින් අදහස් දැක්වීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්