මහ දවල් මාතර දී පොලීසියෙන් තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන යද්දී ජනතාවගෙන් විරෝධතාවයක්

1988/89 භීෂණ සමය තුළ අතුරැදහන් වූවන්ට සාධාරණය ඉල්ලා සංවිධානය කළ වැඩසටහනක් ඊයේ මාතර නගරයෙදී පැවතුනි. අතුරැදහන්වූවන් පවුල් එකතු විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා දකුණේ අතුරැදහන්වූවන් පවුල්වල සාමාජිකයින් විශාල ප්‍රමාණය සහභාගී වී තිබේ. පොලීසිය විසින් අවස්ථා කිහිපයක දී මෙම වැඩසටහන බාදාවන ආකාරයෙන් හැසිරී ඇති අතර, අතුරැදහන්වූවන්ගේ පවුල් එකතුවේ සංවිධායකයින් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර තිබේ.

 

Social Sharing
නවතම පුවත්