පයාගල පොලිසියට එරෙහිව බුද්ධික මධුෂාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කෙරේ.

පයාගල පොලිසිය විසින් ව්‍යාජ චෝදනාවක් මත 2020.04.18 දින බුද්ධික මධුෂාන් වන පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන කළුතර විශේෂ විමර්ශන ඒකකයට බාර දෙන ලදී. එහිදී ඔහුට මාංචු දමා පහර දී අමානුෂික ලෙස වධහිංසාවට පත්කර පයාගල පොලිසියේ ආයුධයක් සොරකම් කළ බවට ව්‍යාජ චෝදනා දමා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

මේ පිළිබඳව ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවට ද පැමිණිල්ලක් යොමු කර ඇති අතර එම පැමිණිල්ල කොමිෂන් සභාව විසින් විමර්ශනය කරමින් සිටින අවස්ථාවේදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික මූලික අයිතිවාසිකම් පෙත්ස්මක් ඉදිරිපත් කර ඇත. කරණු එසේ තිබියදී ත් බුද්ධික මහතා පවසා සිටින්නේ කොමිෂන් සභාව විසින් පැමිණිල්ල උනන්දුවක් නොවීම මත ගොනුව අවසන් කරන බව ඔහු වෙත එවා ඇති බවයි.

තවදුරටත් ඔහු පවසා සිටින්නේ ඔහුට සිදු වූ වධහිංසාව සමත කිරීම හෝ පැමිණිලි පාර්ශවය නොමැතිව විමර්ශනය කරගෙන යාමට මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතිපත්ති තීරණ ගෙන තිබියදී මෙවැනි ආකාරයේ තීන්දු ගැනීම තුළ මූලික අයිතිවාසිකම් නඩුවටද අවාසි සහගත තත්වයක් උදාවිය හැකි බවයි.

මෙම සිදුවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඊයේ (පෙබ.14) දින මුර්දු ප්‍රනාන්දු, තුරෙයිරාජා සහ කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදි විභාගයට ලක් කෙරිණි. පෙත්සම්කරුගේ පාර්ශවය වෙනුවෙන් ආර්මිසා ටීගල්, නමශ්‍යා රත්නායක සහ තාහිරා ලෆීර් යන නීතීඥවරියෝ පෙනී සිටියහ.

එහිදී මෙම නඩු විභාගය 2024 නොවැම්බර් 07 වන දින නැවත කැඳවීමට නියෝග කෙරිණි. 5 වන සහ 6 වැනි වගඋත්තරකරුවන්ගේ නීතිඥයින් එම කාලය තුළ විරෝධතා සහ රිට් පෙත්සම් ගොනු කිරීමට භාර ගන්නා ලදී. එබැවින් විනිසුරු මඩුල්ල පෙත්සම්කරුට සිදුවන අපහසුතාවය පිළිගත්තේය. මේ වන විට දැනටමත් ප්‍රතිවිරෝධතා සහ ලිඛිත ඉදිරිපත් කිරීම් ගොනු කර ඇත (2023 මුලදී).

Social Sharing
නවතම පුවත්