අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම අද සිට

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දෙවන අදියර යටතේ පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේය.

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ද ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය.

“අයදුම්පත්‍ර ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වෙන සියලුදෙනාටම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකියි. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති විශේෂ ඒකකවලටත් ලබාදිය හැකියි. අපි බලාපොරොත්තු වෙනවා මාසයක කාලයක් අස්වැසුම අයදුම්පත්‍ර කැඳවීමට. පළමු වටයේ ලක්ෂ 20ක් සඳහා අස්වැසුම ලබාදුන්නා. දෙවැනි වටයේ දී එය ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයේ දී සහතික කරලා ඔවුන්ට අවශ්‍ය සුබසාධන දීමනා ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස මේ වසර තුළ රු බි 205ක මුදලක් රජය විසින් සුබ සාධනය සඳහා වැය කිරීමට බලාපොරොත්තු වෙනවා.”

Social Sharing
නවතම පුවත්