යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි!

යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ.

මේවනතුරු, යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් නත්තල සැමරුවේ, ජුලියන් දින දර්ශනය අනුව, ජනවාරි 7 වැනිදාය. යුක්රේනය සාම්ප්‍රදායිකව ජුලියන් දින දින දර්ශනය අනුව නත්තල සැමරීම සිදු කරන්නේ රුසියාව අනුව යමිනි.

කෙසේ නමුත්, රුසියන් ආක්‍රමණය අනුව, රුසියාවට විරෝධය පළ කිරීමක් ලෙස, බටහිර රටවල් සමඟ එක් වී, බටහිර රටවල් භාවිතයට ගන්නා ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව, දෙසැම්බර් 25 වැනිදා නත්තල දිනය සැමරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ යුක්රේන රජය තීරණය කළේ පසුගිය ජූලි මාසයේය.

මෙවර යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, නත්තල සැමරීමේ දිනය වෙනස් කර ඇත්තේ ඒ අනුවය.

Social Sharing
නවතම පුවත් විදෙස්