ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි දිවයිනට

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ.

මෙම කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ මඟුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය, රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව සහ තවත් මහ තුවක්කු දෙකක් වන බව සඳහන්ය.

මෙම කෞතුක භාණ්ඩ අද අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 554 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේය.

නෙදර්ලන්තය තුළ ලන්දේසීන් විසින් පැහැර ගත් තවත් මෙරටට අයත් කෞතුක භාණ්ඩ රාශියක් ඇති අතර එම කෞතුක භාණ්ඩ ඉදිරි කාලයේ දී කොටස් වශයෙන් මෙරටට රැගෙන නියමිතව තිබේ.

මීට අමතරව එංගලන්තය ඇතුළු තවත් විදේශ රටවල් විස්සක පමණ මෙරටින් පැහැරගත් විශාල කෞතුක භාණ්ඩ තොගයක් ඇති අතර එම භාණ්ඩ ද ඉදිරියේදී දිවයිනට රැගෙන ඒමට නියමිතය.

Social Sharing
නවතම පුවත්