විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනතුරු කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකියි..

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය.

සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසිය.

කුමන රජයක් කවර ආකාරයට බලයට පත් වුවත්, කුමන කැබිනට් අමාත්‍යවරයෙක් අදාළ විෂය භාරව කටයුතු කළත්, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු නොකර ව්‍යාපෘතිවලට මුදල් යෙදවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

මේ මහ පොළවේ ඇති ප්‍රායෝගික යථාර්ථය එය බවත් ගැටඹේ ගුවන් පාලම, කොහුවල ගුවන් පාලම, පාරවල්, ඇනිකට් වේලි සියල්ලගේම ඉදි කිරීම් මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා.

ව්‍යාපෘති සිදු කරන අදාළ සමාගමට මුදල් නොගෙවන විට කොනන්ත්‍රාත්කරු ව්‍යාපෘති නතර කිරීමට පියවර ගන්නවා. මේ සඳහා කිසිදු දේශපාලන විසඳුමක් නොමැති අතර එකම විසඳුම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්