හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර…

ජනපති වේදිකාවෙන් බැස නන්දා මාලනිය වෙත ගොස් සම්මානය පිරිනමයි

2019 සහ 2020 තිරගත වූ සිංහල චිත්‍රපට සලකා බැලුන ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙරේදා (14 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවස්ථාවේදී, 2020 හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනීය ද ‘නිවුස් පේපර්’ චිත්‍රපටය උදෙසා සම්මාන ලැබුවාය.

ජනාධිපතිවරයා වේදිකාවෙන් බැස ඇය අසලට ගොස් එම සම්මානය ගෞරවයෙන් ඇයට පිදීම සුවිශේෂී අවස්ථාවක් විය. එමෙන්ම එම සම්මාන උළෙලේදී 2020 හොඳම නළුවා ලෙස සම්මානය හිමිකර ගත් දිවයින පුවපත්පතින් තම වෘත්තීය දිවිය ඇරඹූ ජගත් සම්මානයට ද පාත්‍ර වූ කුමාර තිරිමාදුර තම සම්මානය ජනාධිපතිවරයා අතින් ලබාගත් අවස්ථාව ද මෙහි වේ.

ද නිවුස් පේපර් චිත්‍රපටයේ නිෂ්පාදක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද පසෙකින් සිටී. රවීන්ද්‍ර ගුරුගේ හා එච්. ඩී. ප්‍රේමසිරි එහි සම නිෂ්පාදකවරු වෙති.

Social Sharing
අවකාශය නවතම පුවත්