ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක් – පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවයි

වත්මන් ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ අන්ත පරාජයත් සමඟ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයන්ට සහ තේරීම් කමිටුවට දැඩි දෝෂාරෝපන එල්ල විය.

එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලකයන් සහ තේරීම් කමිටුව වහාම සිය ධුරවලින් ඉල්ලා අස් විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ද නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (03) ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, අද උදෑසන පාර්ශ්ව කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපස විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය.

අනතුරු ව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවේ නිරත වූවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

අනතුරු ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා තිබිණි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වශයෙන් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා සිය අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ලබා දීමට තීරණය කර තිබේ.

Social Sharing
නවතම පුවත්