රටවල් 07කට Free Visa හිමිවෙයි

රටවල් 7කින් පැමිණෙන සංචාරකයන් හට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළුවීමට (Free Visa) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ මෙම පියවර 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියක තවත් එක් කොටසක් බවයි.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වෙන්නේ ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවලින්.

මෙම පියවර තුලින් අදාල රටවල් ත්‍රිත්වය මෙන්ම අනෙකුත් සෙසු  රටවල් වලින්ද වැඩි සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරන බව ඔහු සදහන් කළා.

ඒ අනුව, මෙම රටවල සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන විට කිසිදු ගාස්තුවකින් තොරව වීසා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Social Sharing
නවතම පුවත්