විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි වාහන බලපත්‍රය සහනය අවභාවිතා කර වාහන ගෙන්වලා

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි වාහන බලපත්‍රය සහනය අවභාවිතා කර වාහන ගෙනවලා – කෝටි ගණනක බදු මුදල් අහිමි වීමක්

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට විදේශ ප්‍රේෂණ ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා තීරු බදු සහන සහිත විදුලි වාහන ආනයනයට රජය විසින් පසුගිය වසරේ බලපත්‍ර ලබා දී තිබුනා. එලෙස ලබා දුන් බලපත්‍ර 119 ක් අවභාවිත කරමින් වාහන ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා.

මෙම වාහන වලින් 75 ක්ම එක්තරා සමාගමක් මඟින් හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවයි සඳහන් වී ඇත්තේ.

මෙලෙස රහසිගතව ව්‍යාජ ක්‍රම හරහා වාහන ආනයනය කිරීමේ ජාවාරම නිසා රුපියල් කෝටි ගණනක බදු ආදායමක් අහිමි වී ඇති බවද එම කාරක සභාවේදී තවදුරටත් අනාවරණ වුණා.

මෙලෙස වාහන ආනයන බලපත්‍ර අවභාවිතා කර ජාවාරම්කරුවන් විශාල මුදලක් උපයාගෙන ඇතැයිද වාර්ථා වෙනවා.

විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දුන් තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර වෙනත් පාර්ශවයන්ට අලෙවි කිරීම සඳහා ඇතැම් පුද්ගලයින් රුපියල් ලක්ෂ 50ක මුදලක් අය කරගෙන ඇතැයිද මෙහිදී අණාවරණය වුණා.

මේ හේතුවෙන් විදේශගත ශ්‍රමිකයන්ට තීරුබදු සහන සහිත විදුලි මෝටර් රථ ගෙන්වීමේ බලපත්‍ර ලබාදිම වහාම නතර කරන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ජාවාරමිකරුවන් වංචා කළ බදු මුදල් නැවත අයකර ගන්නා ලෙසද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

Social Sharing
නවතම පුවත්