රෆා විවෘත වෙයි – සටන් විරාමයකට දෙපාර්ශවයේ එකඟතාව!

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස එකඟ වූයේ ඊජිප්තුව සිය දේශසීමාව වන ”රෆා” දේශසීමා (Rafah border) හරස් මාර්ගය නැවත විවෘත කිරීමත් සමඟ බව ඊජිප්තු ආරක්ෂක ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම සටන් විරාමය සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟවූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

සටන් විරාමය පැය කිහිපයක් පවතිනු ඇති නමුත් නිශ්චිත කාලසීමාවක් පැහැදිලි නොමැති බව සඳහන්ය. ඒ අනුව එක්දින ආරම්භක නැවත විවෘත කිරීමක් ලෙස ”රෆා” විවෘතව පවතින බවට රටවල් තුන එකඟ වී ඇති බව වාර්තා වේ.

ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපය සහ හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරය අතර මායිමේ පිහිටා ඇති රෆා, ඊජිප්තුව සහ ගාසා තීරය අතර ඇති එකම හරස් මාර්ගයයි.

Social Sharing
නවතම පුවත් විදෙස්