කුරුන්දි හිමිට TNA තර්ජන.. ආරක්‍ෂාව තර කරන්නැයි කියයි…

ආන්දෝලනයකට ලක්ව ඇති මුලතිව් කුරුන්දි පුදබිමේ විහාරාධිපති ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගේ සහ නැගෙනහිර පළාතේ ආරණ්‍ය සේනාසන ගණනාවක් පවත්වා ගෙන යන නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ සංඝනායක පනාමුරේ තිලකවංශ හිමියන්ගේ ආරක්ෂාව තර කිරීමට වහා කටයුතු කරන මෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

කුරුන්දි විහාරය සහ උතුරු නැගෙනහිර බෞද්ධ පුරාවස්තු විනාශය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී සංවාදයක් පැනනැගුනු අවස්ථාවේ දී දෙමළ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සන්තබෝධි හිමියන්ගේ සහ තිලකවංශ හිමියන්ගේ නම් සඳහන් කරමින් තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුව උන් වහන්සේලාගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු ව දෙන මෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

චන්දිම අඹන්වෙල සහ සුමේධ වීරවර්ධන ගේ සංස්කාරකත්වයෙන් යුතුව මෑතකදී දී ප්‍රකාශයට පත් කෙරුණු “කුරුන්දි විහාරවංසය” කෘතියේ පිටපතක් සභාගත කිරීම ද මන්ත්‍රීවරයා කටයුතු කළේය.

කුරුන්දි විහාරය පිළිබඳ අසත්‍ය කරුණු ජනගත නොකොට හැකිනම් එම කෘතියේ අඩංගු කරුණුවලට අභියෝග කරන මෙන් ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මූලාශ්‍රය – lanka c news

Social Sharing
නවතම පුවත්