යුක්තිය උදෙසා පුරවැසියෝ මාධ්‍ය සාකච්ඡාව

දශක ගනනාවක සිට ශ්රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ප්රමාදය මේ වන විට බරපතල සමාජ ප්රශ්නයක් වී තිබේ. මේ හේතුවෙන් සමාන්ය ජන ජීවිතයට ඉන් විශාල බලපෑමක් සිදු කර ඇති අතර, ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාවත්, සමාජ සුරක්ෂිත භාවයත් පිළිබදව විශාල ව්යාකූලත්වයක් මේ තුළින් නිර්මාණය කර තිබේ.
එමෙන්ම, දිගින් දිගටම යුක්තිය අහිමි වීම හෝ යුක්තිය දැඩි ලෙස ප්රමාද වීම හේතුවෙන්, නීතිය ක්රියාත්මක කිරීමේ යන්ත්රණයන් පිළිබදවත්, අධිකරණ ක්රමය සම්බන්ධවත් විශාල සැකයක් හා අවිශ්වාසයක් රට තුළ පැවතීම නිසා මේ වන විට සැලකිය යුතු පිරිසක් අධිකරණ පද්ධතියෙන් වේගයෙන් ඉවත් වෙමින් සිටී.
ඉහත සඳහන් කළ කරුණු පදනම් කරගෙන යුක්තිය පතා අධිකරණයේ පිහිට බලාපොරොත්තුවෙන් කටයුතු කළ වින්දිතයන් පිරිසක් තම අත්දැකීම් ඉදිරිපත් කළ මාධ්ය සාකච්ඡාවක් අද කොළඹ නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්රලේඛන මණ්ඩල ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම මාධ්ය සාකච්ඡාවේදී 2022 අප්රේල් 19 රඹුක්කන සිදුවීම, තිහගොඩ පාසල් ශිෂ්යයන් ට වෙඩි තැබීමේ සිදුවීම, කිරිඳිවැල ඩේවිඩ් අමරසිංහ ඝාතනය, ශ්රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ නඩුව, තෙඹුවන සිදුවීම වැනි නොයෙකුත් සිදුවීම් වලට මුහුණදුන් වින්දිතයින් යුක්තියේ ප්රමාදය නිසා මුහුණපෑ ගැටළු පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙම මාධ්ය සාකච්ඡාවට වින්දිතයන්ට අමතරව නීතීඥ දුලාන් දසනායක, නීතිඥ ශාමෙන් ගුණරත්න සහ යුක්තිය උදෙසා පුරවැසියෝ එකමුතුවේ කැඳවුම්කාරිණි අමිතා ප්රියන්ති යන මහත්ම මහත්මීන් ද අදහස් ඉදිරිපත් කෙරිණි.
Social Sharing
නවතම පුවත්