13 ඕනෑනම් ජනාධිපතිවරණයකින් ජනවරමක් ලබාගන්න – මැදගොඩ අභයතිස්ස හිමි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහාම ජනපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය, මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ජනතාව ඒ සඳහා බලය ලබා දෙන්නේ නම් ඒ අනුව ජනපතිවරයාට කටයුතු කළ හැකි බව මාධ්‍ය අමතමින් උන්වහන්සේ කියා සිටියහ.

වත්මන් ජනවරම ලබාදී ඇත්තේ නව ව්‍යන්‍ස්ථාවක් හරහා බෙදුම්වාදය නොමැති රටක් නිර්මාණය කිරීමට බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

සුජීව තත්සර

Social Sharing
නවතම පුවත්