ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!

පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි.

පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට කොටු වී සිටින අතර එමඟින් ඕනෑම වියදමකින් වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට ඔවුහු උත්සාහා ගන්නා බවද පවසයි.

ඛල්සා වොක්ස් පවසන පරිදි පසුගිය මාසයේ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු වන අලි හස්නයින් සහ නදීම් අබලන් ආර්ථිකයෙන් පීඩා විඳිමින් නොදැනුවත්වම ලෝකයේ මාරාන්තික සංක්‍රමණික මාර්ගයේ සෙසු සංචාරකයින් අතරට එක්වූහ.

පාකිස්තානයේ ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරියෙකු ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම නීති විරෝධී සංචාර 40,000 ක් උත්සාහ කරන බව ඛල්සා වොක්ස් වාර්තා කරයි.

ගුජ්රාට් හි ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ෆාරුක් ඇෆ්ගන් පැවසුවේ. කිසිවෙකුට තම රට හැර යාමට අවශ්‍ය නැත. නමුත් දුප්පත්කම අවනීතිය සහ කුසගින්න මිනිසුන්ට සංක්‍රමණය වීමට බල කරයි.

Social Sharing
නවතම පුවත් විදෙස්