කැටගොඩ ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථානුකූල නොවේ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කළ යුතු බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්ව ඇති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත් තුනේම 2 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104B යන වගන්තිවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම නිසා මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම අවශ්‍ය වේ.

Social Sharing
නවතම පුවත්