නතාෂාට ඇප නෑ.. බෲනෝට ඇප..!

බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජයනි නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව අද දින (21) විභාගයට ගත් අතර එහිදී ඇය නැවතත් එලබෙන 05 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

එහෙත් බෞද්ධ ආගමට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නතාෂා එදිරිසූරියට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බෲනෝ දිවාකරට අද (21) කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කෙරිණි.

නතාෂා එදිරිසූරිය ප්‍රහසන ශිල්පිනියට එරෙහිව චෝදනා නගා ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත ද ඇතුළත් කරමින් ය.

Social Sharing
නවතම පුවත්