අනුරාධපුර රැඳවියන්ට අවම බලය යෙදෙව්වේ හිසට වෙඩි තැබීමෙන්ද?

අනුරාධපුර බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තැබීමේ සිද්ධියේදී ඔවුන්ගේ හිසට වෙඩි තබා බලය අවම ලෙස යොදා මෙය පාලනය කිරීමට උත්සාහ කලේද යන්න බරපතල සැකයක් පවතින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුයේ  බන්ධනාගාරය තුලදි වෙඩි වැඳි මිය ගිය සමන් කුමාර යන අයගේ බිරිඳ විසින් අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදීය. ඇය මෙලෙස පැමිණ තිබුණේ දැනට මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමට නොහැකි විය බැවිනි.

පහුගිය මාර්තු 21 වෙනි දින අනුරාධපුර බන්ධනාගාරයේදී වෙඩි වැදීමකින් එහි සිටි රැඳවියන් දෙදෙනෙකුගේ ජිවිත අහිමි විය. ඒ අසංක හා සමන් කුමාර යන දෙදෙනාගේය.

නමුත් අවසානයේ ඔවුන්ට චෝදනා එල්ල වුයේ පැන යාමට තැත් කළ බවටය. සිරකරුවන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා කියා සිටින්නේ ඔවුන්ගේ මෘත දේහයන් නිරික්ෂණය කළ විට ඔවුන් පැන යාමට තැත් කළ බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවත් මේ සියල්ල සිදුව ඇත්තේ බන්ධනාගාරය තුල බවය.

Social Sharing
නවතම