“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප 100 ක් ඇතුළත් ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත්  තරුණ තරුණියන් 40 දෙනකුට  ඡායාරූපකරණය, කලාව හා  සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව  ඔවුන්ගේ කතාව  ඔවුන් විසින්ම  කැමරා කාචයට හසුකරගත්  අවස්ථා  හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කරන බව සංවිධායකයෝ පවසති.

නුවරඑළියේ ලොගි සහ  හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබේ.

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

“වතුකරයේ ජීවිත” තෙවන ඇසකින් උඩරට හා අගනුවරදී

මෙම ප්‍රදර්ශනය  වසරකට  වැඩි කාලයක්, කණ්ඩායම් කීපයක් එකතුව සිදු කළ  සාමූහික වැඩක් බවයි සංවිධායකයන් වැඩි දුරටත් පවසන්නේ.

කඳුකර තරුණ තරුණියන් සහ  කඳුකර ප්‍රජාව  ප්‍රමුඛ දායකත්වය ලබා දුන් මෙම වැඩ පිළිවෙලට  තාක්ෂණික දායකත්වය ලබා දී ඇත්තේ, giz ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, හා  ඌව ශක්ති ආයතනයි.

ඡායාරූපකරණයට ආධුනික තරුණ තරුණියන් සමඟ එක් වී  ඡායාරූපකරණය සම්බන්ධයෙන්  න්‍යාත්මක සහ  ප්‍රායෝගික අවබෝධ ලබා දී ඇත්තේ  අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ යන  ඡායාරූප ශිල්පීන් දෙදෙනායි.

රස තේ කහට  කෝප්පයට යට වී  ගිය කඳුකර දෙමළ ජනයාගේ  කතාව බැලිමට , ඒ ඔස්සේ සමාජ කතිකාවක් ගොඩ නැගීමට පහත සදහන් ස්ථාන හා සම්බන්ධවන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති.

පළමු ප්‍රදර්ශන දෙක,

2020 අගෝස්තු 23 ඉරිදා දවස පුරා තලවකැලේ ශ්‍රී කදිරේෂන් ශාලාවේදී,

2020 අගෝස්තු 29 සෙනසුරාදා ඌව හයිලන්ඩ් වතුයායේ දෙමළ මහා විද්‍යාලයේ දී,

පළාත් ප්‍රදර්ශනය

2020 සැප්තැම්බර් 4 සහ 5 බදුල්ල පුරහලේදී,

ජාතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 14 සහ 15 කොළඹ JDA පෙරේරා ආට් ගැලරියේදී,

තලවකැලේ, ඌවහයිලන්ඩ් හෝ බදුල්ලේ ප්‍රදර්ශන නැරඹීමට  එන අය  0715468431 අංකයට කතා කර ලහිරු කිතලගමගෙන් වැඩි විස්තර දැනගන්න.

Social Sharing
නවතම විශේෂාංග