බුද්ධි වෙඩි පහරින් තරුණිය මරුට

යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා දෙමටගොඩ වනාතමුල්ල ප්‍රදේශයේ තරුණියක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

වනාතමුල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර අත්වැරදීමකින් බුද්ධි නිලධාරියකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඇතැයි ද එම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇතැයිද පොලීසිය ප්‍රකාශ කරයි. එහෙත් සීසීටීවී දර්ශන අනුව පෙනීයන්නේ මෙම බුද්ධි නිළධාරියා යැයි කියන පුද්ගලයා තම පිස්තෝලය යම් පුද්ගලයෙක්ගේ හිසට එල්ල කරන බවයි. මෙම වැටලීමට බුද්ධි අංශ සාමාජිකයන් යැයි කියන පුද්ගලයන් දෙදෙනෙක් සහභාගීවී සිට ඇති බව සීසීටීවී දර්ශන අනුව පෙනී යයි.

මේවනවිට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙනන් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්