ප්‍රභාකරන් මැරුණේ නැහැ – නැදුමාරන්

2009 වසරේ මැයි මස 18 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මරාදමන ලද, දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් තවම ජීවතුන් අතර බව ලෝක ද්‍රවිඩ සංවිධානයේ නායක පාලා නැදුමාරන් පවසනවා.

අද (13) මුල්ලිවයික්කාල්හී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නැදුමාරන් සදහන් කළේ ප්‍රභාකරන් නුදුරේදී ම ඔහු යළි ජනතාව හමුවේ පෙනී සිටිනු ඇති බවයි.

එමෙන්ම ප්‍රභාකරන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ආරක්ෂිතව සිටින බවත් ඔහුගේ මරණය ගැන පැතිරෙන කටකතාවලට ඔහු විසින්ම පිළිතුරු ලබා දෙනු ඇති බවත් මෙහිදී නැදුමාරන් වැඩිදුරටත් සදහන් කළා.

ප්‍රභාකරන් යලි පැමිණි විට තමිල්නාඩු ප්‍රාන්ත රජය, ජනතාව සහ සියලුම ද්‍රවිඩ ජනතාව ඔහුට සහයෝගය දැක්විය යුතු බවද ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඔහු පෙන්වා දුන් බව ‘ද හින්දු පුවත්පත’ වාර්තා කරනවා.

මෙහි විශේෂත්වය වන්නේ මැතිවරණයක් අභියසදී නැදුමාරන් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමයි.

-News19.lk-

Social Sharing
නවතම පුවත්