ඡන්දය ගැන තීරණාත්මක හමුවක් අද

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලබන 9 වනදා පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් සිදුකළ නොහැකි බව දන්වා තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් කොමිසම වෙත නිල වශයෙන් දන්වා ඇති බවයි.

ඇය මේ බව ඊයේ (13) සවස 3.30ට පමණ මැතිවරණ කොමිසම වෙත දන්වා තිබෙනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත්හිටුවා ඇති බවයි මේ අනුව වාර්තා වන්නේ.

අද (14) පැවැත්වෙන සාකච්ඡාවේ දී මේ ගැටළුව සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්.ජී පුංචිහේවා මහතා සදහන් කළේ.

මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබාදිය යුතුයි.
-News19.lk-

Social Sharing
නවතම පුවත්