තුර්කි භූ කම්පනයෙන් 2300කට වැඩිය මරුට..!

 

දකුණු තුර්කියට සහ උතුරු සිරියාවේ ප්‍රදේශ කිහිපයකට තදින් බලපෑම් සිදු කළ ප්‍රබල භූ කම්පනයන් ද්විත්වය නිසා සහ ඊට පසුව ඇතිවූ පසු කම්පනයන් නිසා හටගත් ගොඩනැගිලි කඩාගෙන වැටීම්වලින් පුද්ගලයන් 2300කට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රථම භූ කම්පනය අද (06) අලුයම Gaziantep නගරයෙන් වාර්තා වූ අතර මුලින්ම මාධ්‍ය වාර්තා කළේ මේ භූ කම්පනය නිසා මරණ 17ක් වාර්තා වෙන බවය. මේ වනවිට එම සංඛ්‍යාව 2300 දක්වා ඉහළ ගොස් ඇති අතර සහන සේවකයන් ප්‍රකාශ කරන්නේ මරණ සංඛ්‍යාව තවත් බොහෝ සේ ඉහළ යා හැකි බවය. අධික සීතල කාලගුණය ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා කරමින් ඇතැයි වාර්තා වෙන අතර තුර්කි ජනාධිපතිවරයා උපුටා දක්වන විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ගලවාගැනීමේ මෙහෙයුම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් නියමිත පරිදි සිදුවන බවය.

මේ වනවිට මෙම ව්‍යසනය නිසා 1500ක් තුර්කි ජාතිකයන් ද 800ක් සිරියා ජාතිකයන් ද මරණයට පත් වී ඇත. තුර්කිය, සිරියාව, ලෙබනනය, සයිප්‍රසය සහ ඊශ්‍රායලය යන රටවලට මෙම භූ කම්පනය දැනී ඇත.

වීඩියෝ : https://www.bbc.com/news/live/64533954

Social Sharing
නවතම පුවත් විදෙස්