තුර්කියේ පොළව සෙළවේ..! 17ක් මරුට

රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමි කම්පාවක් සහ අතුරු කම්පන මාලාවක් නිසා නිවාස සහ ගොඩනැගිලි කඩාගෙන වැටීමෙන් තුර්කියේ 17 දෙනෙක් මියගොස් ඇතැයි බීබීසී ප්‍රකාශ කරයි.

මෙම භූ කම්පනය, ඊයේ රාත්‍රියේ තුර්කි – සිරියා දේශ සීමාව ආසන්නයේ Gaziantep නගරයට ආසන්නයේ කි.මි 17.9ක් ගැඹුරෙන් හටගෙන ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරන අතර මෙම භූ කම්පනය නිසා මිය ගිය පිරිස මීට වඩා වැඩි වෙන්නට ඉඩ ඇතැයි බීබීසීය තවදුරටත් වාර්තා කරයි.

 

වීඩියෝ සඳහා : https://twitter.com/i/status/1622413932542435330

Social Sharing
නවතම පුවත් විදෙස්