මහජන උපයෝගීතා කොමිසම ගැන කතා කරන්න විදුලි බල ඇමතිට අයිතියක් නෑ

Chairman-Janaka-Ratnayake-1

මහජන උපයෝගීතා කොමිසම විදුලි බල අමාත්‍යාංශය යටතේ තියෙන ආයතනයක් නොවන නිසා විදුලිබල ඇමතිට ඒ පිළිබඳව කතා කරන්නට බලයක් නැති බවත්, ඒ නිසා තමන්ගෙ වැඩක් බලාගෙන කට වහගෙන සිටිය යුතු බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජානක රත්නායක ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

එම කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත්ව යෑම සහ අලුතින් එම කොමිසමට ඩග්ලස් එන්.නානායක්කාර පත් කිරීම පිළිබඳව සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත් කරනු ලබන පුද්ගලයින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත සහ විදුලිබල මණ්ඩල පනත කියවා දැනගත යුතු බව ය.

කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත්කරන්නේ කවුරුන්ද යන්න තමන්ට ප්‍රශ්නයක් නොවණ බවත්, තමන්ට ඕනෑම පුද්ගලයෙක් සමග වැඩ කරන්න පුළුවන් බවත් ප්‍රකාශ කරන සභාපතිවරයා එලෙස කවුරුන් කොහොම පත්වී ආවත් PUCSL, CEB, සහ 2009 සංශෝධන කියවිය යුතු බව ප්‍රකාශ කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු වන නියෝජ්‍ය සභාපති උදේනි වික්‍රමසිංහ සහ මොහාන් සමරනායක පසුගිය සිකුරාදා (3) කොමිසමෙන් ඉල්ලා අස්වූ අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් එම කොමිසමේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යවරයා අතර දීර්ඝ කාලයක සිට මත ගැටුම් පවතී. මේ අතර පාර්ලිමේන්තුව හරහා කොමිසමේ සභාපතිවරයා ඉවත් කරන බව ආණ්ඩු පාර්ශවය ප්‍රකාශ කරයි.

 

Social Sharing
නවතම පුවත්