ජනපති නියෝගයෙන් මැතිවරණය කොට උඩ යන ලකුණු…!

නව බදු සංශෝධන මගින් ආදායම් උපයා ගන්නා තෙක් තවදුරටත් රජයේ වියදම් කප්පාදු කළ යුතු බව සහ රාජ්‍ය ආයතන ණය පදනම යටතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් මේ කාලයේ වැලකී සිටිය යුතු බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ නියෝග නිකුත් කිරීමත් සමග මැතිවරණ කොමිසම බරපතළ ගැටලුකාරීත්වයකට පත්වී ඇතැයි වාර්තා වෙයි.

ඉහත සඳහන් නියෝගය කඩ කරන ඕනෑම නිලධාරියකු එම වියදම තම පෞද්ගලික මුදලින් ගෙවිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි සඳහන් වෙන අතර මේ පිළිබඳව ඩේලීමිරර් පුවත්පතට අදහස් දක්වන මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ප්‍රකාශ කරන්නේ මේ ක්‍රියාදාමය එම කොමිසමේ අත්පා බැඳ දැමීමක් බවය. ඒ ආහාර ප්‍රවාහන හා මැතිවරණ රාජකාරි සඳහා සම්බන්ධ කරගන්නා රජයේ සේවකයන්ගේ දීමනා ද ඉදිරියේ දී ගෙවීමේ පදනම මත සිදු කරන ඒවා නිසා ය.

Social Sharing
නවතම පුවත්