රහස් කියන කඳු අතරින් රොටර්ඩෑම් දක්වා….!

ජගත් මනුවරණ (ජගා) රහස් කියන කඳු අතරින් කොළඹට ආපු එකෙක්. මම ද ඇතුලත් ව ජගා ගේ මිත්‍රයන් කීපදෙනෙක් රහස් කියන කඳු අතරින් කොළඹට ආපු අය. අපේ පාසල් අවධිය, පොඩි කාලය ගෙව්නේ ගමේ සුන්දර පරිසරයක් එක්ක. බොහෝ බිහිසුණු රහස්, සුන්දර කඳුමුදුන් අතරේ සැඟවී තිබ්බා. වැලළිලා තිබුන ඒ රහස් අරන් ජගා අද රොටර්ඩෑම් ගිහින්, අපි හැමෝම වෙනුවෙන්.

ජගාව මට හම්බෙන්නේ ජගාගේ ‘ගින්දර පොඩ්ඩක්’ කෙටි චිත්‍රපටයෙන් පස්සේ. 2008-2010 කාලේ ජගාගේ ‘Water Lily’ හැදෙන්නේ ‘Moksha’ එක ඇතුලේ. මමයි, කළනයි, ජගයි, අපි තුන්දෙනා ම අපි ලඟ තිබ්බ Handy-cam(720×576-DV) එකෙන් ශූට් කලේ. සංඛයා edit කළා. ජගා ගේ සමාජ හා දේශපාලන මතවාදය, ඒ වෙනුවෙන් පෙනීසිටීම තරම් උගේ ඇතුලේ තිබ්බ හයිය හිත, රහස් කියන කඳු චිත්‍රපටය දක්වා ජගාව අරන් ආවා. පවතින දූෂිත පාලන ක්‍රමයට ප්‍රතිවිරුධව ඔහුගේ ‘අකමැත්ත, විරෝධය,’ 52 වෙනි රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උළෙල (IFFR) තුළ ලෝකයට විවෘත (world premiere) වන දවස අද.

ජගා පෙනීසිටි සමාජ දේශපාලන මතවාදය ‘සිනමාව(Cinema)’ හරහා ලෝකයට ගෙනියන්න අවුරුදු ගානක් මහන්සි වුනා. ජගා ඌ වෙනුවෙන් කරපු ෆිල්ම් එකක් නෙමෙයි මේක, සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් කල චිත්‍රපටයක්. චිත්‍රපටය ඇතුලේ, අපි හැමෝම ඉන්නවා, කඳු අතර සැඟවෙලා තිබ්බ බොහෝ රහස් රූප වියමනක් ඇතුලට අරන් තියෙවා. ප්‍රියන්ත සිරිකුමාර නම් ජේෂ්ඨ රංගන ශිල්පියා ගේ සිට ලක්මාල් දර්මරත්න නම් රංගන ශිල්පියා දක්වා, ෆිල්ම් එකේ සියලු රංගන ශිල්පීන් ගේ රංගන දායකත්වය ඉතා ඉහළයි. විශවජිත් කරුණාරත්න ගේ Cinematography භාවිතය ට DP කෙනෙක් විදියට මන් ඉතාමත් කැමතියි. සෑම රූප රාමුවක් තුළම ඊට ආවේනික රිද්මයක් (Rhythm), රූපරාමුවේ සැකැස්ම (Composition-Mise-en Scene), කාච තෝරාගැනීම (Choose of Lens), කැමරාව ස්තානගත කිරීම හා ආලෝකකරණය (Lighting), චිත්‍රපටයේ ආඛ්‍යානත් (Film Narrative) එක්ක බැඳී පවතිනවා. සංඛ මල්වත්තගේ සංස්කරණ භාවිතය ද, චිත්‍රපටයේ අන්තර්ගතය (Film Content) ට කිසිඳු හානියක් නොවන අන්දමින් චිත්‍රපටයේ අවසානය දක්වා අපව අරන් යනවා.

චිත්‍රපයේ සියලු නිර්මාණශීලී හා තාක්ෂණික ප්‍රවේශයන් (Creative and Technical Processes) ඉතාමත් ඉහළ පට්ටමක පැවතිනවා. ජගා ගේ ගොඩක් යාළුවෝ මේ චිත්‍රපටත් එක්ක ජගා එක්ක හිටියා. ඒ සියළු දෙනා වෙනුවෙන් ජගා ගේ අරමුණ ( objective) රොටර්ඩෑම් වල අද ප්‍රදර්ශණය වීම ට නියමිතයි.

උබේ සියළු යාළු මිත්‍රයන් වෙනුවෙන් සුබ පැතුම් මචං…!

උපුටාගැනීමකි..

Social Sharing
අවකාශය නවතම