13 බලාත්මක කරන එක අමාරු නෑ – රාජිත සේනාරත්න

import the Rapid Antigen Test Kits to Sri Lanka

ඉන්දියාවේ මැදිහත්වීම මත උතුරේ එල්ටීටීඊ සංවිධානය ඇතුලු දෙමළ සංවිධාන එකහෙලා එකඟවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම අමාරු නැති බවත් එය වර්තමාන පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට පහසුවෙන් බලාත්මක කළ හැකි දෙයක් බවද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අයිතිය වෙත ප්‍රකාශ කරයි.

අයිතිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ කිසිදාක ජාතිවාදීව හැසිරී නැති ජනාධිපති වික්‍රමසිංහ හට මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සියල්ලෝම සහාය දිය යුතු බවය. රට අන්තයටම වැටී සිටින මේ අවස්ථාවේ රට ගොඩනැඟීමට හොඳම අවස්ථාව උදාවී ඇති බව ප්‍රකාශ කරන ඒ මහතා ඒ සඳහා ජනාධිපතිවරයාගේ 13 ක්‍රියාත්මක කිරීමේ උත්සාහයට සම්පූර්ණ සහාය ලබාදිය යුතු බව ප්‍රකාශ කරයි.

ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා සඳහා ලබාදීමෙන් රට දෙකඩ නොවෙන බව ප්‍රකාශ කරන ඒ මහතා දැන් කාලයක සිට දකුණේ පළාත් සභා නායකයින්ද ඉඩම් සහ පොලිස් බලතල ඉල්ලා සිටිමින් ඇති බව ප්‍රකාශ කරයි. පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් නොවන්නට නම් එයට පූර්ණ බලතල ලබාදිය යුතු බව ප්‍රකාශ කරන ඒ මහතා යම් සමාගමක ශාඛාවන් ප්‍රාදේශීය මට්ටමෙන් පිහිටෙව්වාය කියා එම ආයතන කැඩී වෙන් වී යනවා දැයි ප්‍රශ්න කරයි.

Social Sharing
Uncategorized