චීනයේ සහනය ප්‍රමානවත් නැහැ – IMF

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අදාළව ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නැතිබව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම් ලබා දීමට නියමිතව ඇති අතර එය ලැබෙනු ඇත්තේ චීනය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ණය හිමියන් ගේ පූර්ණ එකඟතාවය ලබා දීමෙන් පසුවය. ‍

ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව සිය කැමැත්ත දැනුම් දී ඇති අතර චීනය ප්‍රකාශ කරන්නේ තමන් ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීම් සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙන්නට එකඟ බවය. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා පැරිස් සමාජය වසර 10 ක සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති පසුබිමක මෙම සහන කාලය ප්‍රමානවත් නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස බව දැනගන්නට ලැබේ.

– මූලාශ්‍රය : ඩේලි මිරර් –

Social Sharing
ආර්ථික නවතම පුවත්