ISIS නායකයා මරුට

ISIS සංවිධානයේ නායක අබු හසන් අල් හෂිම් අල් කුරාෂි මිය ගිය බවට එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කොට තිබේ.

මියගිය දිනය පිළිබඳව සඳහනක් නොකළත් නායකයා මිය ගිය බව එම නිවේදනයේ සඳහන් වී තිබේ.

මෙම වසරේ පෙබරවාරී මාසයේ දී අයි.එස්.අයි.එස් සංවිධානයේ හිටපු නායක අබු ඊබ්‍රහිම් මිය යාමෙන් පසු අබු හසන් අල් හෂිම්එම සංවිධානයේ නායකයා බවට පත්විය.

මේ පිළිබඳව අදහස් දක්වන ඇමරිකාව පවසා සිටින්නේ ඔක්තෝම්බර් මැද භාගයේ දී සිරියාවේ පැවති ගැටුම් අතරතුර එල්ල වූප්‍රහාරයකින් අයි.එස්.අයි.එස් සංවිධානයේ නායකයා ඝාතනය වී ඇති බවයි.

(Newspedia)

Social Sharing
නවතම විදෙස්