බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ

ඉංග්‍රීසි ජාතික බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ ඩොලර් දහ තුන් දහසකට සීෂෙල්ස් හි ජනාවාස නොවූ කුඩා දූපතක් මිල දී ගෙන එහි සදහටමපදිංචියට ගියේය. ග්‍රිම්ෂෝට වයස අවුරුදු හතළිහට ආසන්න වූ විට ඔහු පුවත්පත් කර්තෘ රැකියාවෙන් ඉවත් වී නව ජීවිතයක්ආරම්භ කළේය.

මේ වන විට වසර 50ක් පුරාවට කිසිම මිනිසෙක් ඔහුගේ දූපතට පා තබා තිබුණේ නැත. සැබෑ රොබින්සන් කෲසෝට සිටි පරිදි, බ්‍රෙන්ඩන්ට ස්වදේශිකයන් අතර මිතුරෙක් හමු විය. ඔහුගේ නම René Lafortin විය. රෙනේ සමඟ එක්ව බ්‍රෙන්ඩන් ඔහුගේ නවනිවස වැඩිදියුණු කිරීමට පටන් ගත්තේය. රෙනේ ඉඳහිට පමණක් දිවයිනට පැමිණි අතර, බ්‍රෙන්ඩන් දශක ගණනාවක් එහි තනිවජීවත් විය, කිසි විටෙකත් පිටව ගියේ නැත.

වසර 39 ක් තිස්සේ බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ සහ  රෙනේ ලෆෝටින් තමන්ගේම දෑතින් ගස් 16,000 ක් සිටුවා කිලෝමීටර් 5 කට ආසන්නමාර්ග ඉදි කළහ. 2007 දී රෙනේ ලෆෝටින් මිය ගිය අතර බ්‍රෙන්ඩන් දිවයිනේ තනි විය.

බ්‍රේන්ඩන්ගේ වයස අවුරුදු 81 කි. ඔහු දිවයිනට නව පක්ෂි විශේෂ 2,000 ක් ආකර්ෂණය කර ගත් අතර යෝධ කැස්බෑවන්සියයකට වඩා හඳුන්වා දුන් නේය. ඔවුන් ලෝකයේ සෙසු රටවල (සීෂෙල්ස් ඇතුළුව) දැනටමත් වඳවී යාමේ අද්දර සිටි ජීවීන් . ග්‍රිම්ෂෝගේ ප්‍රයත්නයට ස්තූතිවන්ත වන්නට, කලක් පාළුවට ගිය දූපත දැන් සීෂෙල්ස්හි සත්ව විශේෂයෙන් තුනෙන් දෙකකහිමිකාරත්වය දරයි. අතහැර දැමූ බිම් කැබැල්ලක් සැබෑ පාරාදීසයක් බවට පත් වී ඇත.

මීට වසර කිහිපයකට පෙර සෞදි අරාබියේ කුමාරයා බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝගේ දිවයින සඳහා ඩොලර් මිලියන 50ක් පිරිනැමූ නමුත්බ්‍රන්ඩන් එය ප්‍රතික්ෂේප කළේය. “මට අවශ්‍ය නැහැ දිවයින ධනවතුන්ගේ ප්‍රියතම නිවාඩු ස්ථානයක් වෙනවාට. එය සෑමකෙනෙකුටම භුක්ති විඳිය හැකි ජාතික වනෝද්‍යානයක් වීමට ඉඩ දීම වඩා හොඳය.” ඔහු පැවසුවේය.

තවද ඔහු එය සාක්ෂාත් කර ගත්තේය. 2008 දී දිවයින ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

උපුටාගැනීම : ෆේස්බුක් 

Social Sharing
අවකාශය නවතම