පොලීසිය පරීස්සමෙන් ; ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවයි..!

නීති පටහැනි නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතුයැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි.

“තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදෙමින් මිනිස් අයිතිවාසිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට ​​වන්දි ගෙවීමට සිදුවෙනවා අපි දැක තිබෙනවා. සමහරු වන්දි වශයෙන් ගෙවූවා, ඔවුන්ගේ උසස්වීම් අහිමි වුනා. තවත් අයට අපරාධ ක්‍රියාවන්ට වැරදිකරුවන් වීමෙන් පසු සිර දඬුවම්වලට මුහුණ දීමට සිදු වුණා,” ෆේස්බුක් වෙත පණිවිඩයක් තබමින් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මේවා සිදුවන විට ඔවුන් ආරක්ෂා කිරීමට හාම්පුතුන් කොතැනකවත් නොසිටි බව එහිදී පෙන්වා දෙන සභාපතිවරයා ඔවුන්ට තනිවම මේවාට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ප්‍රකාශ කරයි.

“යුක්තියේ රෝද සෙමින් ක්‍රියාකරනු ඇත, නමුත් ඒවා නිසැකවම ක්‍රියා කරනු ඇත,” ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

ඊයේ (09) කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ප්‍රචණ්ඩත්වය භාවිතා කළ අතර එහිදී උණුසුම් තත්වයක් ඇති විය. එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මෙසේ සිය අදහස් ෆේස්බුක් වෙත නිකුත් කර ඇත.

Social Sharing
නවතම පුවත්