ඔහු කවුදැයි කවුරු දනිත් ද?


සයිමන්
නවගත්තේගමයන් මිය ගොස් අද දිනට හරියටම වසර 17 කි. එතුමා මිය ගිය දින , එනම් 2005 ඔක්තෝබර් 09 වැනිදින , මේ ආරංචිය පැතිර ගිය වහාම එවකටරාවයපුවත් පතේ කතුවරයෙකු වූ ජයසිරි ජයසේකරයන් මාගේ පියා (සුමන ආලෝකබණ්ඩාර ) අමතා, සයිමන් නවගත්තේගමයන් පිළිබඳ මතක ලිපියක් ලියන ලෙස ඉල්ලා සිටි අතර , ඉල්ලීම ඉටු කරනු වස් බෝල්පොයින්ට් පෑනක් හා ෆූල්ස් කැප් කොලයක් සහිතව වාඩිගත් මගේ පියා, තම පාසැල් සගයා වූ සයිමන් නවගත්තේගමයන් පිළිබඳආවර්ජනාත්මක ලිපියක් ලිව්වේ . එම ලිපිය 2005 ඔක්තෝබර් 16වැනි දින රාවය පුවතපතේ පළ වූයේඔහු කවුදැයි කවුරුදනිත් යන අපූරු සිරස්තලය යටතේයි . මීට වසර දහ හතකට පෙර පළවූ ලිපියයි මේ. –සුරංජිත් ආලෝක බණ්ඩාර 

      

මචං මට රහස් පරීක්ෂකයෙක් වෙන්න ආසයි. පුලුවන් නං උදව් කරපං“. පාසැල් නිවාඩුවකට ගෙදර ගොස් සිටි මට ලැබුණු තැපැල්පතක එවැනි ඉල්ලීමක් කර තිබුණි. මගේ පන්තියේ සගයෙක් එවූ තැපැල්පතකි.

        1954 හෝ 55 දී දවසක මාහෝ මධ්‍ය විද්‍යාලයේ සෙල්ලම් පිට්ටනිය මැද වූ මයිල ගහ යට මගේම වයසේ වූ අලුතෙන් කොලු ගැටයෙක් සිටියේ . ඔහුගෙන්  පිළිඹිබු වූයේ අසරණව, අතරමංව, අන්දමන්ද වූ ස්වාභාවයකි. එහෙත් ඔහුගේ පෙනුමඑවකට අප සමග සිටි හද්දා වන්නිකරයේ කොලු ගැටවුන්ගේ පෙනුමට වඩා සුවිශේෂී වූවකි. මා ඔහු වෙතට සමීප වූයේ ඔහුගේඅසරණ , අතරමං , අන්දමන්ද ස්වාභාවය නිසාද ඔහුගේ සුවිශේෂී පෙනුම නිසාද යන්න නිච්චියට මට කිව නොහැකිය .

           ගමේ පාසැලෙන් පහේ ශිෂ්‍යත්වය සමත් එකල පළාතේ ලොකු පාසැලක් වූමාහෝ සෙන්ට්‍රල් කොලීජිය පැමිණිදාහක් තරම් වූ අනෙක් ළමුන් අතර අතරමංව , අසරණව අන්දමන්ද සිටි මේ කොලු ගැටයා නවගත්තේගම රංකිරාගේ උක්කුවා(එන්. ආර්. උක්කුවා ) නම් විය. එය අපේ ගණිත ගුරුවරයා උච්චාරණය කළේයුක්කුවා‘  නමිනි. මේ නම සාමාන්‍ය කිරීමට දෝඅපේ පන්ති බාර ගුරුවරයා වූ සොයිසා මහතා  එය එන්. ආර්. සයිමන් නමින් නාම ලේඛනයේ සටහන් කලේය .එදා ඔහුගේ අසරණඅතරමං, අන්දමන්ද ස්වාභාවය නිසා හෝ පෙනුමේ සුවිශේෂීකම නිසා හෝ ඔහුට සමීප වූ නිසා විය හැකිය අර මුලින් සදහන්කළ උපකාරය ඉල්ලා සිටියේ. එදා ඇති වූ මේ සමීපකම මෑතක් වන තුරුම අප අතර විය.

                   

                මේ එන්. ආර් සයිමන්, නමින්  පෙනුමෙන් පමණක් නොව හැසිරීමෙන් අමුතු විදිහේ චරිතයක් විය. අපි ළමා වියටඋරුම සියලු දෙයක් කළෙමු. බීඩි බීවෙමු. ගැහැණු ළමයින්ට සෙනෙහෙ කොළ ලීවෙමු. බයිස්කෝප් බැලුවෙමු. අපි නොකළදඩබ්බර කමක් නැති තරම් . එහෙත් සයිමන් එකක්වත් නොකළේ . පාසැල් යන අවධියේ ඔහු අතින් වූ වරදක් වශයෙන් මටමතක ඇත්තේ එකකි. බස්නායක නම් පිරිමි ළමයෙකුගේ සෙනෙහෙ කොලයක් ගුණසේකර නම් ගැහැණු ළමයෙකුට ගෙන ගොස්දීමයි. මේ කළ එකම සරල වරදට ඔහු බරපතළ ලෙස දඩුවම් ලැබුවේ . පාසැල් ක්‍රීඩාංගණය වටා අලුතෙන් බොරලු දමා සකස්කර තිබූ පාරදිගේ සම්පූර්ණ රවුමක් දණ ගෑමයි. මේ දඩුවම පැවරුයේ එවකට විදුහල්පතිව සිටි ඩී. ජයතිලක මහතා විසිනි. අපිඑදා පිට්ටනිය වටා දණගාන සයිමන් දෙස බලා සිටියේ සෝබර හදවතිනි.

                අප පාසැල් අවදියේ අපට සිටියේ සැබෑ ගුරුවරුය. ඔවුහු වෙහෙස මහන්සි වී ඉගැන්වූවා පමණක් නොව, ගුරු ගරුත්වය රැක ගත් . රහමෙර පානයට ආශාවක් ඇති වූ විට සති අන්තයේ දුරක සිටින මිතුරෙකුගේ ගෙදර ගොස් රිසි සේ සතුටු වී සුදනන්සේ ආපසු පැමිණියහ.මේ නිසා අද අපට ඔවුන් ඉදිරියේ දුම් වැටියක් ඉරීම , මත් වතුර ටිකක් පානය කිරීම කළ නොහැකි . මේතත්ත්වය යටතේ ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමට අප අධ්‍යාතමයෙන් බැදී සිටියෙමු.ඔවුන්ගේ එක් උපදෙසක් වූයේ කඩලගොට්ටක කඩදාසිය පවා ඉවත දැමීමට පෙර කියවා ගත හැකි වැදගත් දෙයක් ඇත්දැයි බලන ලෙසයි. මේ උපදේශය අනුව එකළඅපේ පාසැල් පුස්තකාලයේ වූ පොත්පත් කියවීමට අපි පොර කෑවෙමු. සයිමන්ට රහස් පරීක්ෂකයෙක් වීමට සිතක් පහළ වූයේ මේපුස්තකාලයේ තිබුණුකෝණ්ගොඩ වික්‍රමපාලගේ වික්‍රම කියවීම නිසා විය යුතුය . ඒවායින් කිසියම් වින්දනයක් ලැබූ මුත්, සයිමන්ට තරම් බලපෑමක් මට ඇති නොවීය. එහෙත් ඒවා මතකයේ රදවාගෙන කතා ලිවීමට අපි පෙළඹුණෙමු. මගේ රහස්පරීක්ෂකයා මිත්‍රසේන නම් විය. එහෙත් සයිමන් රහස් පරීෂක කතා නොලීවේ . ඔහු වෙනත් කතා ලියුවේය. කෙසෙල් කැන්සොරකමක් ගැන අවධියේ ඔහු ලියූ කතාවක් කියවූවා මතකය. එය කිය වූ පසු මගේ කතා බොළද බව මට පසක් වූයේ සියුම්ඊර්ෂ්‍යාවක් සමගිනි.

             සති අන්ත දිනවල සයිමන්  හිටි ගමන් අතුරුදහන් වන්නේ . එසේ අතුරුදහන් වන ඔහු කෑම වෙලාවට හෝ නානවෙලාවට නේවාසිකාගාරය අවට ඇති බූටෑවෙන් එළියට එන්නේ පොත් දෙක තුනක් අතැතිවය.ඔහු අපෙන් ඈත් කැලයට වී පොත්කියවීම පුරුද්දක් කරගෙන සිටියේය .

              එදා මුල් දවසේ මෙන් හුදෙකලාව අතරමංව සිටීමට ප්‍රියකළ ඔහු හා හා පුරා මවිසින් පුහුණු කරනු ලැබූ කෙටිනාට්‍යයක රග පෑවේය. නේවාසිකාගාරයේ සිංහල සමිතිය සදහාය. අපි බෙහෙවින් චිත්‍රපට, නූර්ති හා නාඩගම් බැලීමට ඇබ්බැහිවී සිටි නිසා විය යුතුය රංගන කලාවට වැඩි ආශාවක් දැක්වීමට පෙළඹුණේ. පාසැල් ගුරුවරුන් මුල් වී නිෂ්පාදනය කළආලෝකයහාපබාවතියන නාට්‍ය දෙකටම  රගපෑම සදහා මා තෝරා ගැණිනි. නමුත් සයිමන් තෝරා නොගැණිනි. ඔහුගේහුදෙකලා හා සමාජශීලී  නොවන චර්යාව නිසා විය යුතුය. එහෙත් නාට්‍ය දෙකෙන් පසු මා විසින් පුහුණු කරවන ලද ඩබ් .. සිල්වාගේ නාට්‍යයක (එය දයිව විපාකය යයි සිතමි) ප්‍රධාන චරිතය සදහා මම ඔහු තෝරා ගතිමි. ඔහු මගේ ඉල්ලීම පිට එහිරගපෑවේය. ඊට බලපාන්නට ඇත්තේ රගපෑමට වූ කැමත්ත අපේ මිත්‍රත්වය දැයි මට කිව නොහැකිය. ඔහු අපේ බාල දක්ෂකණ්ඩායමේ හා කැඩෙට් කණ්ඩායමේ සිටිය සිටිය යුතු නිසා මිස වුවමනාවකින් යැයි මම නොසිතමි.

                සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමෙන් පසුව උසස් පෙළ සදහා ඔහු අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුලු විය. ශිෂ්‍යත්වධාරීන් එසේ අනුරාධපුරයට ගිය , අලුතින් උසස් පෙළ පන්තියක් ඇරඹීම සදහා අපි මාහෝම රැදුණෙමු. අනුරාධපුරයෙන්පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගිය සයිමන් නැවත මට හමු වූයේ 1965 දී පමණ . ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධියසදහා ඉගෙනීමට පැමිණි සිටි අවස්ථාවේ . පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිටිනා අවදියේ ලාහෙන් බුසලෙන් නොව අමුණුවලින්මනින ගමක දැරිවියක් හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට ගොස් ඇති වූ කලබැගෑනියක් නිසා පේරාදෙණියෙන් පලා ගිය ඔහුකාලයක් කැලෑවැදී සිටියේ . මේ කාලයේ ලැබූ අත් දැකීම් ඔහුගේ සංසාරණ්‍යයේ කතාන්තරවලට බලපාන්නට ඇත. අනතුරුවගුරු සේවයට ඇතුලත් වූ ඔහු කලක් සේවයේ යෙදී සිට පඩි රහිත නිවාඩු පිට නැවත උපාධිය සදහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයටපැමිණ සිටියේය. මාහෝදී වැඩිදුර අධ්‍යාපනය සදහා අපෙන් සමුගත් එන්. ආර් සයිමන් කොළඹ කොටුවේ ලෝටස් පාරේදී සයිමන්නවගත්තේගම ලෙසින් නැවත මට හමුවූයේ මේ අවදියේදී . ආදායමක් නැතිව සිටි ඔහුට මාවතගම රන්තැටි කන්දේදැරිවියකගෙන් හා යාලුම්ත්‍රාදීන්ගෙන් උදව් ලැබෙමින් තිබිණි. මේ හමුවීමෙන් පසු උපාධිධාරී ගුරුවරයෙකු ලෙසින් හැටන් හයිලන්ඩ්විද්‍යාලයට යන තෙක් අවුරුදු කීපය ඔහු මගේ කාමරයේ ජීවත් විය

          කාලයේ ඔහු ධර්මසිරි වික්‍රමරත්නගේසහන් එළියනාට්‍යයේ පුහුණුවීම්වල යෙදී සිටියේ . අපේ පාසැල් වේදිකාවෙන්පසු මා ඔහු වේදිකාවේ දුටුවේසහන් එළියෙහි. එදා මට ඇති වූ හැගීමක් නම් ඔහු අපූරු වේදිකා ප්‍රභාවකින් යුත් නලුවෙකුබවයි. තනියම සිටියත් මුලු වේදිකාව ඔහුගෙන් පිරෙන්නේ . වේදිකා ප්‍රභාව යනුවෙන් මා අදහස් කරන්නේ  එයයි. එදා මෙදාතුර එවන් වේදිකා ප්‍රභාවක් මා සිංහල වේදිකාවේ දැක නැත

          ඔහුගේ විශිෂ්ටම නාට්‍ය කෘතිය වනසුභ සහ යස ආභාසය ලැබෙන්නට ඇත්තේ එකළ අප කවුරුත් අමන්දානන්දයටපත් කළ  “බෙකට්චිත්‍රපටියයි. එහි පීටර් ටූල් නලුවාගේ රංගන විලාශය යි රංගන විලාශයට පෙම් බැදි අප කාටත් එවැනිචරිතයක් නිර්මාණය කිරීමටත්, එවැනි චරිතයක් රගපෑමටත් ආශාවක් ඇති විය.එහෙත් ආශාව මුදුන් පත් කර ගත්තේ සයිමන්පමණි. එසේ වුවත් පීටර් ටූල්ගේ  රංගනය අපේ බොහෝ රංගන් ශිල්පීන්ට ආදර්ශයක් හා ආභාසයක් වූවාට නම් සැකයක්නැත

        සයිමන් අප දන්නා හදුනන අය අතර අපූරු ප්‍රතිභාවක් හා අපූරු චරිතයක් තිබූ පුද්ගලයෙකි. ඔහුගේ වේදිකා ප්‍රභාවට සමකළහැකි වේදිකා ප්‍රභාවක් මට දකින්නට නොලැබුණා සේය

         එකළ අප බොහෝ දෙනෙකුගේ සිත් සතන්  වසග කළ දර්ශනයකි සාංදෘෂ්ටිකවාදය (existentialism ). මේසාංදෘෂ්ටිකවාදය බොහෝ දෙනෙක් ආරෝපණය කර ගත්තේය. සයිමන් එසේ ආරෝපණය කර ගත්  සාංදෘෂ්ටිකවාදියෙකු නොවීසැබෑ සාංදෘෂ්ටිකවාදියෙකු විය. එසේ වීමට ඔහුට බොහෝ හේතු තිබිණිඔහු අතීතයත් අනාගතයත් අමතක කර මොහොතේපමණක් ජීවත් විය. ඔහු ගත් ණයක් ආපසු දුන්නේ නැත. දුන් ණයක් ආපසු බලාපොරොත්තු වූයේ නැත. ණය ගන්නවා සේමදුන්නේ අවස්තාවේ එය කළ යුතු හෙයිනි. ඕනෑම දෙයක් අවස්ථාවේ කළා පමණි. එතැනින් එහාට එය නොපැවතුනේ . අහවලාගෙන් මම ණයක් ගත්තා කියාවත් අහවලා මට මේ උදව්ව කළා කියාවත්, එසේ නැත්නම් අහවලාට මම ණයක් දුන්නාකියාවත් , අහවලාට මේ උදව්ව කළා කියාවත් ඔහු කිසිදාක කියා නැත. ඊළග මොහොත ගැන නොසළකා ඔහු ඕනෑම දෙයක්කරන්නේ . දිනක් එවැනි දෙයක් මට සිදුවිය. මම ඔහුගෙන් යම් මුදලක් ඉල්ලුවෙමි.එදා ඔහුගේ පඩි දිනයයි. ඔහු සාක්කුවේ වූමුදල් නෝට්ටු සියල්ල මගේ අතේ තැබුවේ . ” එතකොට උඹට ?” මම විමසීමි. ” ඒක නෙමෙයි නේ දැන් ප්‍රශ්නේ. උඹේඑකෙනේ“, ඔහු කීවේය. ඔහුගේ පැවත්මේ ස්වාභාවය යි. බොහෝ දෙනෙකුට ඔහුගේ මේ පැවත්ම නොගැලපුණා විය හැකිය. එහෙත් කීමෙහිදීත් , කිරීමෙදීත් ඔහුටම අවංක විය.

          ඔහුට පැවත්මක් වියඑසේ පැවත්මක් නොවීය. ඔහු මනුෂ්‍යයෙකු වූයේය. එසේ මනුෂ්‍යයෙකු නොවූයේ . ඔහුකවුදැයි කිසිවෙකුට කිව නොහැකිය. ඔහු හැදින්විය හැක්කේවිශ්වයේ ස්වාභාවයයනුවෙන් පමණකැයි මම සිතමි. එහෙත්කිසිවෙකුට වෙනත් යමක් කළ හැකිය. ඔහුගේ පැවත්මේ ත් නොපැවත්මේත් ඵලය වන ඔහුගේ කලා කෘතීන් නිසි ලෙසවිමර්ශනයට ලක් කිරීමයි. එහෙත් එය ලෙහෙසි කටයුත්තක් ලෙස මම නොදකිමි.

                   ඉදින් පැවති නො පැවති මගේ අපූරු මිත්‍රය ! ගිහින් එන්න.

                       සුමන ආලෝක බණ්ඩාර

                       රාවය – 2005 – 10 – 09.

Social Sharing
අවකාශය නවතම